2010-01-16

Just Listen, කිලෝ බයිට් 10යි

:)

පොඩ්ඩක් අහල බලන්නකො. කිලෝ බයිට් 10 ක් විත‍රයි.....
just Listen, just 10kb



Copy Paste URL


http://translate.google.com/translate_tts?q=Akila%20DJ%20kiyana%20ekaa%20siraama%20dial%20ekakh!&tl=en





අපි ගැන ගුණ වනන්නෙ එසේ මෙසේ කොම්පැනි නෙමෙයි!
Even the Best knows Our Greatness :p

:D

2010-01-14

ඉංග්‍රිසි ක්‍රමවිධි සිංහල හමුවේ අවුල් ඇති කිරීම!

type කරද්දි කොම්බුව මුලින් ටයිප් කළාම හ‍රි විදිහට input method තියනව. අවුලක් නෑ!

දැනට කොම්බුව තියෙන්නෙ යුනිකේත වල අකුරට පස්සෙන් නිසා list කරද්දි අවුලක් නෑ.
කොම්බුව list එකේ මුලින් දානව නම් පිළිවෙල බලද්දි ගැටළු එනවලු!
අකාරාදී පිළිවෙලට sort ක‍රද්දි ගතකුරු (ව්‍යඤ්ජන) මුලින් අරගෙන, ඒ ඒ ගතකුර යටතේ අනු ප්‍රවර්ගයයක් ලෙස පණකුරට (ස්ව‍රයට) අදාළ ඇල පිලි, පා පිලි ලයිස්තුගත කරන එක අමාරුද දන්නෙ නෑ?
කොම්බුව list එකේ මුලින් දානව නම් එහෙම කරන්න වෙයි වගේ නෙ!
මුලින් බලනව 'ක','ග','ට'... වගේ ඒව. 'ා','ැ','ො','ෙ'... ඒව අතහ‍රිනව.
පස්සෙ 'ා' 'ැ' 'ො' 'ෙ' බලන්න වෙනව. අදාළ අකුරට පස්සෙන් තියන 'ා' 'ැ' බලද්දි ඒකට ඉස්ස‍රහින් තියන 'ෙ' බලන්න වෙනව.
වැඩේ සංකීර්ණ වෙනව...

ඇත්තටම සිංහල භාෂාවට අනුව "කා" කියන්නෙ එක අකුරක්ද, අකුරු දෙකක්ද?
යුනිකේත වලදි "කා" අකුරු දෙකක් වගේනෙ!
"කො" කියන එක එහෙම Unicode වල අකුරු දෙකක් වගේ, DL,FM non-unicode ඒවගෙදි අකුරු තුනක් වගේ!
ක්+ආ = කා
මේක යුනිකේත වලට නම් අකුරු දෙකක්, ඒත් අපේ භාෂාවෙ හැටියට අකුරු දෙක එකතු වෙලා හැදෙන්නෙ තනි අකුරක්ද? නැත්නම් අකුරු දෙකක් "කා" යන්නෙ තියනවද?
යුනිකේත වල පිල්ලම් වල අකාරාදී අවුල එන්නෙ ඕක අකුරු දෙකක් ලෙස තියෙද්දි නෙ.
අකුරු එක් වෙලා තනි අකුරු හැදෙනවනම් list කරද්දි කොම්බු අවුල් නැති වෙයි, හෝඩිය වගේ එක ලොකු වෙලා වෙනත් අපහසුතා ඇති වෙන්න බැරි නෑ...

"කා" යන්නෙදි වගේ නෙමෙයි "කෙ" යන්නෙදි....
ක්+එ එකෙන් හැදුනට "කෙ" එකේ කොම්බුව ලියන්නෙ කලින් නෙ!
සංකීර්ණ භාෂා!
මේකට විසදුම airtel එකට මාරුවෙන එක නෙමෙයි නෙ :p


මේ වගේ යම් යම් දේවල් හදාගන්න Tamil, Telugu, Hindi, Thai, Cantonese, Japanese ..... ඒ වගේ වෙනත් සංකීර්ණ අකුරු තියන භාෂා වලින් යමක් කමක් ඉගෙන ගන්න බැරිද?
Computers හා Keyboard සදහා අඩිතාලම වැටිල තියන්නෙ English නිසා ඒක අපිට ඕනෙ විදිහට හදාගද්දි අවුල් එනව නෙ :)
Roman, Cyrillic වගේ යුරෝපීය අකුරු වල මේ වගේ ගැටළු නැති ත‍රම් නෙ!

New Era!... නව යුගය :)


>>
In a World without Fences and Walls, Who need GATES and WINDOWS ??
<<

Of course, totally Agree....
Computers are for the New Age, Post Modern Age, Computer Age....
Not for the Stone Age or Cave Age.... :)



Windows අවශ්‍ය වෙන්නෙ පරිගණක වෙගේම ගේට්ටු, බිත්ති නොතිබ්බ (ඒ කියන්නෙ ගෙවල් දොරවල් කොහොමත් නැති) ආදිවාසීන්ට නෙමෙයි!
Gates නම් ඉතින් කාටත් එච්චර වැඩක් නෑ තමයි.... ;)


මොනව උනත් ඒ කියමන නම් මරු :)
කාගෙ නිර්මාණයක්ද ඕක?
එකඟ නොවුනත් අගය කරන්න එපැයි


අනිත් කාරණය තමයි මේ පරිගණක මරු උනාට, ගල් යුගය මේ යුගයට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ!

2010-01-06

සිංහල, தமிழ், English 3-in-1 බ්ලොග්!

සිංහල, தமிழ், English හැම එකෙන්ම එකම බ්ලොග් එකේ ලියන අයට,
මම හිතන්නෙ ක්‍රම කීපයක් තියනව භාෂාව අනුව ලිපි වෙන්කරගෙන Feed හදාගන්න පුළුවන්.
කරන්න ලේසිම එකක් තමයි මේ...

මෙක ක‍රන්න "Sinhala" කියන Label (or Tag) එක හැම සිංහල යුනිකේත ලිපියෙම දාන්න ඕනෙ. තමන්ට කැමති ටැග් එකක් Sinhala වෙනුවට යොදාගන්න... [ SU,Sinhala,Syndi,යුනිකේත,සිංහල,සින්ඩි.... :]


Blogspot blog එකක් නම්
http://xxxx.blogspot.com/feeds/posts/default/-/Sinhala

http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල


Wordpress.com එකක් නම්
http://xxxx.wordpress.com/feed/?tag=Sinhala


මේ විදිහ Built-In නිසා හැම එකකම වගෙ වැඩ!


Help
http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97933
http://codex.wordpress.org/WordPress_Feeds
.

2010-01-03

Windows File Name වල පාට වෙනස් කිරීම :)

file names වල පාට වෙනස් කිරීම :)

ඕනෑම File Name එකකට කැමති පාටක් දාන්න පුළුවන්….

Windows XP වල තමයි මම කලේ.
IE4 ට අදාළ වන (හෝ ඊට ඉහළ IE වල) ඕනෙම OS එකක පුලුවන් වෙයි!

පොඩි tool එකක් ඕනෙ වෙනවා…
මෙතනින් බාගන්න :)

http://www.4shared.com/file/151360916/db749976/ieshwiz.html

info අනුව මේක Windows 2000 ඉලක්ක ක‍රල Microsoft කට්ටියම හදපු tool එකක් වගේ. Copyright (C) Microsoft Corp. 1981-1999

මේ tool එකෙන් කළාට අන්තිමට ඔක්කොම ක‍රන්නෙ Windows "Desktop.ini" එකෙන් නෙ!

file name වල පාට වෙනස් ක‍රන්නෙත් ඒකෙන්….


ini එක කියෙවුවම තේරෙනව, අපිට ini එකෙන් වෙනස් ක‍රන්න පුළුවන්…
Template එකක් Folder comment එකක් දැම්මොත් "Folder.htt" එකත් එතන හැදෙනව.

:)


විස්ත‍ර ක‍රන්න දෙයක් නෑ!
හ‍රිම ස‍රළයි නෙ!
මේ tool එක ගොඩක් අය Pen Drive වලට Background image දාන්න එහෙම යොදා ගත්ත….

මුලින්ම පහත link එකකින් ieshwiz එක download ක‍රන්න


http://www.mediafire.com/file/2if1y2dnm5y/ieshwiz.zip

http://www.kickasstorrents.com/windows-folder-customization-tool-t4545928.html

http://www.google.lk/search?q=2636F015DDA17BE76D7C1C01A2462C04349DD5B6


ඉන්පසු එය Disk එකේ ඕනෑම Folder එකක් ඇතුලට දමන්න.
(File එකක් හෝ කීපයක් තියන Folder එකක්. මොකද ඒ file name වලයි අපි පාට වෙනස් කරන්නෙ)

ieshwiz.exe එක double click ක‍ර open කරගන්න.

ඉන්පසු ඔබට අවශ්‍ය දේ කරන්න

අවසානයේ Folder එක Refresh කලොත් කෝකටත් හොදයි. ඕනෙ නම් වැඩේ උනාට පස්සෙ ieshwiz.exe එතනින් අයින් ක‍රන්න/මකන්න

:)


තවත් දෙයක්

සාමාන්‍යයෙන් Windows වල NTFS partition වල Compressed files’ names නිල් පාටිනුත්, Encrypted files’ names කොළ පාටිනුත් පෙන්නනවා.
මේ පාටත් අපිට වෙනස් ක‍රන්න පුලුවන් :)
උදා:- Compressed ගොනු නාම රතු පාටින් හා Encrypted ගොනු නාම සුදු පාටින් පෙන්නන්න පුළුවන්
කැමති ඕනැම පාටක් :)

මේක Windows Registry එක edit කරල කරන්න පුළුවන් වෙයි!
ඒත් එහෙම ක‍රන්න නම් මම දන්නෙ නෑ…
මෙන්න මේ Tweak UI කියන Windows Power Toy එකෙන් ඒක ලේසියෙන් කරන්න පුලුවන්.

මෙතනින් Tweak UI download කර ගන්න
http://download.microsoft.com/download/f/c/a/fca6767b-9ed9-45a6-b352-839afb2a2679/TweakUiPowertoySetup.exe
http://windowsxp.mvps.org/tweakui.htm


Install and
Explorer —> Colors
change

ඊට අමත‍රව වෙනත් Windows Tweak/Customize software වලින් මේක ක‍රන්න පුලුවන්.
TuneUp Utilities වල නම්
TuneUP System Control —> Folder Options —> List

.

JDownloader - RS,MU ++

RapidShare, Megaupload එකෙන් ගොඩක්, එකදිගට, auto බාන්න නම් JDownloader වගේ එකක් තමයි. IDM, FreeDM, DAP, FlashGet, Orbit වගේ ඒව වැඩක් නෑ නෙ!…

http://jdownloader.org

RapidShare, MegaUpload,…++…..


Auto ReConnection, Waiting, jAntiCaptcha,….+….


Resume function එක RapidShare free account වලට දෙන්නෙ නැති නිසා RapidShare වල resume කරන්න බෑ.
(IDM,FlashGet,Orbit,DAP,FDM වලදිත් බෑ නෙ!)

MegaUpload free වලත් resume දෙන්නෙ නැති වුනත් JDownloader ඒකේ resume කරන්න පුළුවන්!.. (megaupload කට්ටිය ගෙ Mega Manager එකේ වුනත් resume දෙන්නෙ නෑ)
දවසක් විත‍ර ගියොත් නම් බැරි වෙලා යනව. ඊට කලින් පුළුවන්!…

Resume කරන්න පුලුවන් නිසාම ඇතැම්විට එහෙම ක‍රන MegaUpload ඒවගෙ ගැටළු එනවා. RapidShare වල ඒ ගැටළු නෑ. ඕක වෙන්නෙ විදුලි බලය ඇණ හිටියම හෝ, Stop button එක ඔබල JDownloader එක Close නොක‍ර Windows ShutDown කළාම!

JDownloader එක හැක් එකක්ම නෙමෙයි!

MegaUpload free වල 40 seconds (or 25 secs for registered) timeoute එකයි අකුරු ගහන Captcha එකයි skip වෙලා කෙලින්ම බාන්න පුළුවන්…

(මා ගාව තියන ටිකක් ප‍රණ එකේ ඒක තිතට වෙනවා. හ‍රිම ලේසියි! ඒත් මම අලුතෙන් බෑව එකක්. ඒකෙ ටිකක් කේස්. හේතුව දන්නෙ නෑ!)

RapidShare වලදි තියන වාසි Queue එකයි Auto new IP එකක් ගන්න පුළුවන් එකයි.
Router නම් වෙනස් ක්‍රම. අපි වගේ DialUp මොඩම් නම් මේ වගෙයි batch script එක
RASDIAL /disconnect
RASDIAL “ZTE ZXDSL 852″ xxxx@sltadsl.lk PASSWORD


මට තේරෙන්නෙ නෑ RapidShare free account වලදි download speed එක Software එක මත තීරණය වෙන්නෙ කොහොමද කියල. සමහරු එහෙම වෙනව කියනවා. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ! ඒක ගොඩක් වෙලාවට විචල්‍ය වෙන්නෙ බාන වෙලාවයි, බාන ෆයිල් එකයි, RapidShare Server ඒකයි අනුව. RS server එක බොහෝ වෙලාවට අපි ගන්නෙ select නොක‍ර auto දෙන එක නෙ. එතකොට දෙන්නෙ අඩුවෙන් busy එකක්. ඒක හැම විටම අපිට ගැලපෙන්නෙ නෑ. මට දැනිල තියන විදියට GlobalCrossing, Level(3) වගේ RS servers ටිකක් speed… TeleGlobe වගේ ඒව slow වගේ….

RapidShare වලට නම් managers ගොඩක් පාවිච්චි කරල තියනව. ඒත් ඒ ඔක්කොම එක වගේ. නමුත් එක වගේ නෙ :D
වැඩි වාසියක් නෑ…

RapidShare වලදි නම් JDownloader, CryptLoad, Load!, USDownloader … software ඔක්කොම එක වගේ…

ඒත් MegaUpload free වලට නම් JDownloader ගොඩක් හොදයි වගේ. අකුරු (Captcha) ගහන්න ඕනෙ නෑ. Wait Time එකත් නෑ. Resume ක‍රන්නත් පුළුවන්.
CryptLoad එකේ automatic Captcha recognition තිබ්බත් හ‍රියට වැඩ ක‍රන්නෙ නෑ. ඒත් JDownloader එකේ තියන jAntiCaptcha එක නම් හොදට වැඩ!

Default CryptLoad එකෙන් නම් බාන්න පුළුවන් RS,MU වගේ සයිට් 10කින් විත‍ර තමයි. JDownloader එකේ USDownloader එකේ වගේම සයිට් 100ක් විත‍ර support.
Open Source JDownloader එකේ plugins වලට අමත‍රව Addons තියන නිසා ගොඩක් හොදයි!

JDownloader uses DLC link containers

JDownloader එකේ මට තියන එකම අවුල Java වලින් ලියපු එකක් වීම…. නොහිතන වෙලාවල්වල, random ගැටළු මතු වෙනවා....

Tech Comments :)

Gmail විත‍රක් නෙමෙයි, Yahoo ත් POP3, SMTP නිකන් දෙනව!!!
මම පාවිච්චි ක‍ලා. වැඩ.
Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]
.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව...
(.it, co.uk, co.au, co.in ....)

___


Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ :)
අවශ්‍ය ක‍රන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)
සමහ‍ර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ

___


වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොක‍රන ත‍රමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
VLC වලට navigate ක‍රද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load ක‍රන්නෙ නෑ නෙ!
seek ක‍රද්දි අවුල් යනව. LivAVCodec එක නිසා Xvid වලට එහේම ෂේප් උනත් x264 අවුල්. MKV,MP4 වලට සිරාම සිරා Haali Splitter එක splitter එකක් විදිහට වැඩ ක‍රන්නෙත් නෑ නෙ ඕකෙදි.
VLC මම පාවිච්චි ක‍රපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
Direct VobSub නං හැම subtitle එකටම මරු :)

___


Real Audio Metafile == *.RAM
Real Audio == *.RA

බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ)
(infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)


___



1. වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)

2. Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,
Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]


___


Notepad එකට Font එක අදාළ නෑ. Plain text .txt file වලට Font Face එකක් නෑ. Encoding එක විත‍රයි තියෙන්නෙ.

Notepad එකේ ANSI, UTF-8, Unicode, Unicode big endian වගේ encoding වලින් text file save කරන්න පුලුවන්.

Internet document, HTML වල එහෙම ගොඩක් බහුලව තියෙන්නෙ UTF-8, Western (iso-8859-1), Western (Windows-1252) වගේ encoding.

ISO-8859-1 කියන එක ANSI එකම තමටි මම හිතන්නෙ.
(ANSI – American National Standards Institute)

UTF-8 කියන encoding එක කෝකටත් හොඳයි.
ANSI, UTF-8 දෙකම සාමාන්‍යයෙන් ගන්නෙ එකම ඉඩ ප්‍රමාණයක්. Unicode (UTF-16, UTF-32) ඒව රීට වඩා වැඩි ඉඩ ප්‍රමාණ ගන්නව.
සිංහල UTF-8 ලියවිල්ලක් Unicode කළොත් size එක දෙගුණ වෙනව.
සිංහල ඇති හා නැති/English Only .txt (අකුරු ගොඩක් තියන) ෆයිල් දෙකක් notepad එක මගින් ANSI, UTF-8, Unicode ආදී encoding 3න් save කරල එක එකේ Size හා අකුරු තියන හැටි බලා ගන්න පුළුවන්…

Madhura Sinhala font එක ආවෙ නම් Unicode එකක් විදිහට නෙමෙයි. ඒකෙ අලුත් Unicode version එකක් ඇවිල්ලද/ඉදිරියට එයි ද දන්නෙ නෑ…


___




මගේ Windows XP වල නම් run32.dll කියල එකක් නෑ. run32 කියල කිසිම file එකක් නෑ Windows Drive එකේ!
Windows 95 වල නම් ඒක 16 bit නිසා 32 bit ඒව run කරන්න ඒ වගේ එකක් ඇති. ඒතනින් එහා 32bit support ඒවට එහෙම dll එකක් ඕනෙ නෑ නෙ.
http://www.processlibrary.com/directory/files/run32/20159

rundll32.exe කියල එකක් නම් XP වල තිබේ. මේක exe ඒකක්. dll නෙමෙයි. මම හිතන්නෙ DLL වලට තනියම execute වෙන්න බැරි නිසා 32bit dll මේ EXE එක ආධාරයෙන් තමයි run වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක infect වෙනවට වඩා වෙන්නෙ මේක ආධාරයෙන් DLL virus run වීමයි.

nVidia VGA driver load වෙද්දි
(rundll32.exe nv4_disp.dll) වගේ එකක් startup එකේ තියනව. මේ dll එක virus නෙමෙයි. VGA driver එක.
අර hard එකේ file Delete කරන Virus එකක් තිබ්බ, ඒකත් dll එකක්. ඒකෙදි startup එකේ මෙහෙම තියනව.
(rundll32.exe dotnetfx.dll,repair)

‘සාමාන්‍යයෙන්’ Task Manager එකේ rundll32.exe එක run වෙන්නෙ නෑ… ‘බොහෝවිට’ ….
මේකත් run එකේ ව‍රහන් නැතුව, ගහල බලන්න, Virus නෙමෙයි!
(rundll32.exe user32.dll, LockWorkStation)

RS,MU Premium Link Generators

RapidShare,MegaUpload,Hotfile,Netload,EasyShare,MegaVideo,MegaShare (RS,MU...)
Premium Link Generating sites ගොඩාක් තිබේ!
වැඩ ක‍රන ඒවත් ගොඩක් (ගොඩාක් නොව ගොඩක්) තිබේ! ;D
ගොඩක් ඒවගෙ credit ඉව‍ර වෙලා තියන නිසා බොහෝ විට වැඩේ කරගන්න බෑ…
පාවිච්චි කරද්දි නම් ක‍රද‍රයි.

ඒත් අවශ්‍යම, size එක අඩු file එකක් හදිස්සියට බාගන්න එහෙම ගොඩක් වැදගත්!


http://www.rapid8.com


http://public.rapidpremium.net


(ටිකක් අලුත විවෘත කරපු site එකක්)
>>>
We have 5 account(s) for RapidShare
1 account(s) for MegaUpload
1 account(s) for MegaShares
1 account(s) for Netload
4 account(s) for HotFile
1 account(s) for Easy-Share
1 account(s) for Uploading

<<<

Transfering Method!

We can Transfer software things. Data in computers over Wired and Wireless media.
If we can send Invisible, Intangible things, why can't we send visible, tangible things!
We Can!!!.... the problem is we have to find the Mothed!... :)

අපට නොපෙනෙන, අස්පර්ශනීය දේ වයර්, කේබල්, වාතය, ඊත‍ර හෝ හිස් අවකාශය හ‍රහා යවන්න හැකි නම්, ඇයි අපට පෙනෙන, දැනෙන, ස්පර්ශනීය දේ ඒ හ‍රහා යවන්න බැරි?!
බැරි නෑ මිත්‍රවරුනි!.. අපි ඒ ක්‍රමය හොයා ගමු!... :)