
කලකට පසුව fb ආ වෙලාවේ
දුටුවා කවි මඩුව නැත හුදකලාවේ
මිතුරන් තවම සිටිනව කවි කලාවේ
ගැටලු ඇත්තෙ මා හට නම් වේලාවේ
නිරතුරු සිසිල දුන් ඒ නුග ගස් පේලී
සිටිනා එක වැළකුවා අප අව්වේ වේලී
පාඩම් නොකරනා අපගේ සිත මෑලී
සොරකම් කළා මග තොට යන එන කෑලී
කන්නට බැරි උණත් open එකෙ කෑම
බඩගිනි අඩු කළා අප සැමගේ බෝම
අවුරුද්දකට සැරයක් කළ මඩ නෑම
අහෝ දුකකි දැන් කරනට බැරි වීම
welcome, සමයම ද සමඟින් අවුරුද්ද
cricfest-කළා ලොකුවට දාගෙන සද්ද
ඇඟ පුරාම ලොකු ලොකු මදුරුවො විද්ද
රෑ කීයක් bench-උඩ ගත කර ඇද්ද?
සුන්දර මතක අප හදවත් වලට ගෙනා
තවත් විටක ඇස් කඳුළින් තෙත් ද වෙනා
දුක සැප බෙදා ගත් මිතුරන් දුරස් උණා
uni ජිවිතය අප සැමගේ ඉවර වුණා!
-
බරා (ඇඹුලා)
:( university කැම්පස් සීපද