2018-11-11

CEA Logo Vector (SVG, PDF) - Central Environmental Authority, මධ්‍යම පරිසර අධිකාරිය

In Vector Format. Unofficial!

Not official releases. Nor originally illustrated Vectors.
Just made from raster images found on the internet and image-traced into a vector file.
Therefore, it is not as good as an original vector, yet much better when printing in high resolutions as it scales infinitely without losing clean and sharp edges! :)
If there is a better version, let me know please!

The vector is available in SVG and PDF formats.

Optionally, a hi-res PNG raster image is also included!




CEA LOGO SVG

SVG
(Scalable Vector Graphics - A Simple XML text format that supported in Web Browsers Also)



CEA-Logo-SVG.svg

View and Download CEA-Logo-SVG.svg




CEA LOGO PDF

PDF
(Portable Document Format - You all know it. It supports vectors as well as rasters in it. Zoom and you can find the type. Please do not use discontinued Adobe Reader that is vulnerable. Use new Adobe Reader DC or Other Free Alternatives :)

View and Download CEA-Logo-PDF.pdf




CEA LOGO PNG

PNG
(Portable Network Graphics - A lossless yet compressed raster image type that supports transparency. Ideal for Logos, Screenshots and Illustrations)

High Resolution PNG. Not ideal as vectors. But in cases like uploading into Social Media etc. this can be used. In own websites like blogs and official websites, SVG is preferred.

CEA-Logo-Transparent-Background-PNG.png

View and Download CEA-Logo-Transparent-Background-PNG.png




CEA, Central Environmental Authority, Sri Lanka, Logo, Crest, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකාව, ලකුණ, ලාංඡනය, සලකුණ

2017-04-07

UoC Logo - Vector (SVG, PDF)

University of Colombo. Crest. Logo


In Vector Format. Unofficial!

These are not official releases. Nor originally illustrated Vector arts.
This is just made from raster images found on the internet and image-traced into a vector file.
Therefore, it is not as good as an original vector, yet much better when printing in high resolutions! :)
If there is a better version, let me know!

The vector is available in SVG and PDF formats and has 2 styles. Black and 2 Colour.

Optionally, hi-res PNG raster images are also included!





Monochrome Logo (Black)



Download PDF: UoC-Logo-Vector-Black-Transparent-PDF.pdf



UoC-Logo-Black-SVG.svg
UoC-Logo-Black-SVG.svg




Two Color. Purple-Yellow Logo




Download PDF: UoC-Logo-Vector-YellowPurple-Transparent-PDF.pdf



UoC-Logo-YellowPurple-SVG.svg
UoC-Logo-YellowPurple-SVG.svg




Optional High Resolution Raster (NonVector) PNG files

Use these if and only if above SVG or PDF vector files can not be used.

UoC-logo-Raster-NoVector-Black-Transparent-4000px.png

UoC-logo-Raster-NoVector-YellowPurple-Transparent-5000px.png



කොළඹ විශ්වවිද්‍යාලය, ලකුණ, ලාංඡනය, සලකුණ

University of Colombo, Logo, Crest, UoC


UoC rox ;) Enjoy!

2015-09-13

සරසවි මතක (කවි)

our campus


කලකට පසුව fb ආ වෙලාවේ
දුටුවා කවි මඩුව නැත හුදකලාවේ
මිතුරන් තවම සිටිනව කවි කලාවේ
ගැටලු ඇත්තෙ මා හට නම් වේලාවේ

නිරතුරු සිසිල දුන් ඒ නුග ගස් පේලී
සිටිනා එක වැළකුවා අප අව්වේ වේලී
පාඩම් නොකරනා අපගේ සිත මෑලී
සොරකම් කළා මග තොට යන එන කෑලී

කන්නට බැරි උණත් open එකෙ කෑම
බඩගිනි අඩු කළා අප සැමගේ බෝම
අවුරුද්දකට සැරයක් කළ මඩ නෑම
අහෝ දුකකි දැන් කරනට බැරි වීම

welcome, සමයම ද සමඟින් අවුරුද්ද
cricfest-කළා ලොකුවට දාගෙන සද්ද
ඇඟ පුරාම ලොකු ලොකු මදුරුවො විද්ද
රෑ කීයක් bench-උඩ ගත කර ඇද්ද?

සුන්දර මතක අප හදවත් වලට ගෙනා
තවත් විටක ඇස් කඳුළින් තෙත් ද වෙනා
දුක සැප බෙදා ගත් මිතුරන් දුරස් උණා
uni ජිවිතය අප සැමගේ ඉවර වුණා!


-
බරා (ඇඹුලා)
:( university කැම්පස් සීපද

2015-08-28

Samaposha Dutuwama (දිගු දෑස ;) සමපෝෂ දුටුවාම

සමපෝෂ දුටුවාම (දිගු දෑස දුටුවාම ;) +


Samaposhe Dutuwama


සමපෝෂ දුටුවාම - ඇඬෙනවා පෙරසේම...
කාපු ලොකු ගුලි ගාණ - ඔය බඩට අමතක ද?..
බිඳ දමා මගෙ සිහිනේ - ඇයි ද ඔබ ඉවර උණේ!
මට කන්න පෙර වාගේ - ගුලි දෙන්න සමපෝෂේ

රෑ දිවා, බඩ පුරා - ඇවිලිලා මේ ගින්න...
බඩ පණුවො, අඬනවා - උන්ට නෑ තේරෙන්නේ
සමපෝෂ, තව නැති ද? - අහනවා බඩ මාගේ
මට දෙන්න සමපෝෂේ - ගුලි කන්න පෙර වාගේ

පෙර එදා, ඉවසලා - පඩිය ගෙන අග මාසේ
ගෙවනවා, ගන්නවා - සමපෝෂ මලු බෝසේ
ගත්තු මලු, අද කොහි ද? - හොයනවා කට මාගේ
කවදාද පඩි දෙන්නේ? - සමපෝෂ ගුලි කන්නේ!

-
වකා+


(මෙම ප්‍රචාරක දැන්වීම වලට තවම මුදල් ගෙවා නොමැත...
එබැවින් ඉදිරියේදී 'සමපෝෂ' වෙනුවට 'රන්පෝෂ' ආදේශ කිරීමට නියමිතය!)






Bonus 1

They Porsche, Me SamaPorsche


Porsche, Sama-Porsche
external sourced





Bonus 2

ප්‍රතිඵලය දුටුවාම


Lyrics + (Link)


Video



:)

2015-08-21

MaCo (මැකෝ)

MaKo (මැකො). Election Commissioner (මැතිවරණ කොමසාරිස්) DOTA, dota2


DOTA2, Sniper DOTA - MaKo
(if you know what i mean ;)

"ඇයි මක්කටෙයි වෙඩි දණහිසෙන් පහළට තියන්නෙ? 
ඡන්ද පොළට ඇවිල්ල උදුරං යන්න ආවොත් ඔළුවට තියනව මිසක්!.." 


MaCo Thug Life



Only Thugs can run an Election
Posted by Thug Life Sri Lanka on Sunday, March 8, 2015

2015-08-18

V for Bajiriyanan (මැතිවරණ ජයග්‍රහණය) +

පාර්ලිමේන්තු ;) මැතිවරණය 2015. ඇතුගල්පුර.

Bajiri Victorious

ඇතුගල්පුරට විජයග්‍රහණය කළ බජිරියාණන් හට සුභ පැතුම්!

පරදේසක්කාර එදිරිවාදියා පරදා අද දින බජිරියාණන් ලද ජයග්‍රහණයෙන් සුව දහසක් වූ හුදී ජනයාගේ සිත් සතන් පහන් විය. සිය අඳුරු කුටියේ හුදෙකලා වූ මොහොතේ කිසිවකු විසින් දල්වන ලද පහණින් ලද පන්නරයෙන් රට වෙනුවෙන් පෙනී සිටීමට තිබූ විළි-බිය දුරු වී තව තවත් එඩිතර වූ බජිරියාණන්, සිය රශ්මි ධාරාවේ ප්‍රභාෂ්වරයෙන් මුලු මහත් ඇත්ගල්පුරයම ඒකාලෝක කොට ඇත... පෙර දිනකදී තම අතට තම හිස වුවද, අද ඔහු තනි නැත... සිවු දෙසින් පැමිණෙන ප්‍රගතිශීලී සහ ත්‍යාගශීලී බලවේග සිය දෑත් ශක්තිමත් කිරීමට සැදී පැහැදී සිටී.. මෙසේ දෑතේ ශක්තියෙන් Neil Armstrong පරයන මට්ටමට ආ බජිරියාණන් හට සඳු දියණිය පවා උපහාර දැක්වූවාය... ඉදිරි විජයග්‍රහණයේ නිමිත්තක් වශයෙන් පසුගිය පුන් පොහෝ දින අහස් කුස දෙස නෙත් යොමු කළ විට සාවෙකු නොව බජිරියාණන් දිස් වූයේ එබැවිනි!..
Bajiri in the Moon (සඳ මත බජිරි)

මැතිවරණ දින උදෑසන දොරින් අඩක් ඇරි විට සිසිල් සුළං ආයේ "ආයුබෝ වේවා!.. බජිරියාණනි!.." කියන්නාක් මෙනි!.. ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම මහපොළව කම්පා වූ අතර පොද වැස්සකින් අහස් තලය ද ප්‍රතිචාර දැක්වීය....

ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතූ බජිරියාණන් පවසා සිටියේ, රටට මෙන්ම ඇතුගල්පුරටද අවනම්බුවක් වන ලෙස පිටරටින් ආනයනය කරන CH3CH2OH වෙනුවට වෙනත් දේශීය CH3–CH2–OH විකල්ප ලබා දෙන බවයි. ඇතුගල්පුර සම්බන්ධ රථ වාහන ආශ්‍රිත ගිවිසුම් වළින් නොනැවතී තව දුරටත් ඉදිරියට යා යුතු බව පැවසූ හෙතෙම, සහළින් සශ්‍රීක ඇතුගල්පුරයේ සහල් ආශ්‍රිත බීම වර්ග නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ජපන් සමාගමක් සමඟ සාකච්ඡා පටන් ගන්නා බවද පැවසීය. (මෙම පුවත සැළ වූ විපක්ෂයේ එදිරිවාදියකු තම ව්‍යාපාර බංකොළොත් වේ යැයි බියෙන් තම පක්ෂය මාරු කිරීමට සැලසුම් කරන බව තතු දත් ආරංචි මාර්ග පවසයි)... කෙසේ වෙතත් සුළු පරිමාණ රා මදින්නන් මේ පිළිබඳ බිය නොවිය යුතු බව පැවසූ බජිරියාණන් ඔවුනට කාර්යක්‍ෂමව රා මැදීම සඳහා කුඩා හෙලිකොප්ටර බෙදා දෙන බවට පොරොන්දු විය. එමෙන්ම තම පක්ෂ ලකුණ ප්‍රචලිත කිරීමේ අදියරක් වශයෙන්, ඇතුගල්පුර සහ යාබද දිස්ත්‍රික්ක වල පිළිකා කාරක දුංකොළ වගාව වෙනුවට, පිළිකා නාශක ඖෂධ වගාවක් හඳුන්වා දෙන බවත්, ඊට තම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන
Marinju Wedikkara (මරිජු වෙඩික්කාර)
මරිජුවාණන් ගේ සහය ලබා ගන්නා බවත් බජිරියාණන් තවදුරටත් පැවසීය...

2015-08-13

ඡන්ද සහ අපේ මනාප (2015 මැතිවරණ)

UCFS. 2007s Batch. (බජිරිගේ කණ්ඩායම).

Election Humor (Fun side of Sri Lankan Politics :)


#iVoteBajiri


Paniya (කොන්ද කඩාගත් පැණියා)


#iVoteBajiri Cover


VC - Podi Athe (උපකුලපති පොඩි අතේ)


Marinju Wedikkara (මරිජු වෙඩික්කාර)


Sakvithi Sarthon (සක්විති සාර්තොං)


Amdan (ඇම්ඩන්)


Bajiri in the Moon (සඳේ බජිරි)


Our President (අපේ සභාපති)

UOCFS, UoC FS, UoC FoS

හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි!

2015-08-07

Ayubo Wewa Bijiriyanani (Maharajanani :) ආයුබෝ වේවා!

ආයුබෝ වේවා බජිරියාණනි!..



Music: IBBA

Lyrics: Boo

Vocals: WaKa

Graphics: Bara


සිව් මහ බඹුන් - දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් - පෑ පෙළහරින්
Science එක එක් සේසත් කළේ //
ආයුබෝ වේවා බජිරියාණනි...

ඇතුගල් පුරවරයෙන්
කිව්වට ඊට ටිකක් එහයින්
Campus ආවේ වැරදීමකින්
ඔහුගෙ පින් මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳහළ බජිරියාණනි
ආයුබෝ වේවා බජිරියාණෙනි....

Science එකේ අභිමන්
'ඇරපු එකේ' රස මුසු සොයමින්
පසන් නිවසට වසන්තය දී
කසන් නැති දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි බජිරියාණනි
ආයුබෝ වේවා බජිරියාණනි... ///

(හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි!.. ;)
AKA: Ayubowewa, Aibo Wewa, Aibowewa

2013-04-11

සිංහල යුනිකේත ගැන (about sinhala unicode) ++

Unicode, Language, Keyboard - Input Method, Font - Font Faces


Unicode වලදි font හැසිරෙන්නෙ ඉස්සර non-unicode යුගයෙදි හැසිරුණ විදිහට නෙමෙයි...
unicode sinhala fonts, non-unicode sinhala fonts වලට වඩා සෑහෙන වෙනස්...

අපි unicode වලින් යමක් type කරද්දි ප්‍රධානම දේ තමයි භාෂාව. font face එන්නෙ ඊට පිටිපස්සෙන්.

ඉස්සර යුනිකෝඩ් එන්න කලින් අපි සිංහල font කියපු ඒව ඇත්තටම සිංහල නෙමෙයි. සිංහල වගේ පේන ඉංග්‍රීසි (රෝම/ලතින්) අකුරු.
හැබැයි යුනිකෝඩ් සිංහල කියන්නෙ ඇත්තටම සිංහල අකුරු.

Unicode වලින් document එකක් type කරද්දි අපි සිංහල language එක SI කරලයි type කරන්න ඕනෙ. නැතුව Iskoola Pota වගේ සිංහල unicode font එකක් select කරල නෙමෙයි!.. font මාරු කරන්න ඕනෙ නෑ, auto මාරු වෙනව. දෙමළ වලදිත් එහෙමයි. language එක TA දීල දෙමළ ටයිප් කරන්න ඕනෙ. English
නම් language එක EN දෙන්න ඕනෙ. (Normal Shortcut key Alt+Shift to switch between languages)
Language එක මාරු කළාට පස්සෙ Default keyboard එකෙන් type වෙන්නෙ. අපිට ඕනෙ නම් වෙනත් Input Method එකක්, වෙනත් Keyboard එකක් තෝරගන්න පුළුවන්. කලින් දීල තියන keyboards/input methods language bar එකේ තියනව. Sinhala නම් Sinhala International, Wijesekara-9, Google වගේ keyboards වෙනම දාගන්න පුළුවන්.

අපිට font එකත් මාරු කරන්න ඕනෙ නම් පුළුවන්.
සිංහල නම් වෙනස් කරද්දි අපි දෙන්න ඕනෙ සිංහල යුනිකෝඩ් තියෙනෙ font එකක්.
Iskoola Pota, Potha, DinaminaUniWeb, Kandy Unicode, Kaputa Unicode, Nirmala UI වගේ ඒව සිංහල unicode fonts.
ඔතනින් Nirmala UI එක හැර අනිත් ඒවගෙ තියෙන්නෙ සිංහල හෝ සිංහල+English අකුරු විතරයි. Nirmala UI එකේ දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු තියනව.

ඔය වගේ unicode font එකක් දුන්නම, සිංහල unicode content වල font එක වෙනස් වෙනව දීපු එක අනුව.
හැබැයි unicode නොවන DL, FM වගෙ සිංහල ලෙස පේන fonts වලට මාරු කළාට වෙනස් වෙන්නෙ නෑ sinhala unicode contents. හේතුව ඒ පරණ non-unicode fonts සිංහල යුනිකේත font නෙමෙයි, ඒව ඇත්තටම ඉංග්‍රීසි fonts. ඒවගෙන් වෙනස් වෙන්නෙ English content විතරයි...

භාෂා 3න් ම මොනව හරි type කරල තියනව කියල හිතන්න.... (English සිංහල தமிழ்)
English: Calibri
Sinhala: Iskoola Pota
Tamil: Latha

ඒ "ඔක්කොම" select කරල Trebuchet MS වගේ English Font එකක් දුන්නොත්, ඒ font වෙනස් වීම අදාළ වෙන්නෙ English content වලට විතරයි. select වෙලා තිබ්බට Sinhala, Tamil ඒව වෙනස් වෙන්නෙ නෑ අදාළ නැති නිසා...

ඔක්කොම select කරල Sinhala font එක Iskoola Pota වෙනුවට Malithi Web දුන්නොත් සිංහල සහ English කොටස් වෙනස් වෙනව. දෙමළ කොටස වෙනස් වෙන්නෙ නෑ. (Malithi Web, Iskoola Pota වගේ unicode fonts Unicode සිංහල fonts කිවුවට ඇත්තටම Sinhala+English unicode fonts. Sinhala English භාෂා දෙකේම අකුරු තියනව)

ඔක්කොටම Latha font එක apply කළොත් සිංහල කොටස හැර අනිත් දෙකේම font එක Latha වෙනව. (Latha: Tamil+English Font)

ඔක්කොම select කරල Nirmala UI apply කළොත් භාෂා තුනේම font එක Nirmala UI වෙනව. Nirmala UI එකේ English, Sinhala, Tamil වගේම දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු අඩංගුයි.... ලොකු font එකක්...


See :)

(English සිංහල தமிழ்) ← Default

(English සිංහල தமிழ்) ← Trebuchet MS
(English සිංහල தமிழ்) ← Malithi Web
(English සිංහල தமிழ்) ← Latha
(English සිංහල தமிழ்) ← Iskoola Pota
(English සිංහල தமிழ்) ← Nirmala UI


එක් එක් පරිගණකයෙ තියන font වෙනස් නිසා, default font faces සහ sizes වගෙ දේ OS එක සහ වෙනත් හේතු මත් වෙනස් වෙන්න පුලුවන් නිසා, උඩ තියන කොටස එක එක්කෙනාට වෙන වෙනස් විදිහට පේන්න පුලුවන්!... ඒ නිසා මෙන්න screenshot එකක්, මගෙ එකේ පේන විදිහ පෙන්නන්න...
Preview - Screenshot



තවත් වැදගත් දෙයක් තමයි යම් කිසි unicode font face එකක් නියම කරල තියෙන කොට ඒ font එක නැත්නම් බොහෝ විට ඊට ගැළපෙන වෙනත් font එකකින් ඒ ටික පේනව..... ඒ කියන්නෙ Malithi Web හෝ Nirmala UI වගේ fonts machine එකේ නැත්නම් ඒ machine වල මේ document එකේ Malithi Web, Nirmala UI වලින් තියන කොටස් Iskoola Pota එකෙන් පෙනෙයි....


ප.ලි.
Composite Font සහ Single Font කියල දෙකක් තියනව.
Composite (සංයුක්ත) Font එකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවෙදි, ඒ ඒ භාෂාවෙ Default Font එකෙන් පෙන්වීම. Single Font එකේදි ඒ font එකට පමණක් සීමා වෙනව...
Composite Font නිසා තමයි අපිට යමක් type කරද්දි font එකක් දෙන එක කරන්න අත්‍යවශ්‍ය නොවෙන්නෙ... සිංහල වගේ භාෂාවකින් type කරද්දි font මාරු කරන්න ඕනෙ නැත්තෙ ඒකයි. 

BabelMap වගේ Font/Character Tool/Manager එකකින් පුළුවන් Unicode font ගැන ගොඩක් දේ බලා ගන්න. අධ්‍යයනය කරන්න...

Online
http://www.babelstone.co.uk/unicode/babelmap.html
Download (recommended)
http://www.babelstone.co.uk/software/babelmap.html

Download කරල open/run කරල බලන්න...

English වගේ ඒව අයිති වෙන්නෙ Basic Latin වලට. Basic Latin වල Composite Fonts වල Configure ගිහින් බලන්න. ඉංග්‍රීසි font එක්ක හැම සිංහල ෆොන්ට් එකම වගේ තියනව දකුණු පැත්තෙ. Click කරල බැලුවම Unicode සිංහල ඒවගෙ ඉංග්‍රීසි අකුරු පෙනෙද්දි, non-unicode DL, FM වගේ ඒවගෙ සිංහල අකුරු පේනව. Unicode ඒවගෙ English font තිබෙන සහ map වෙලා ඇති නිසා තමයි language එක සිංහලට මාරු නොකර English තියෙද්දි Font එක විතරක් මාරු කළාම සිංහලෙන් නොපෙනී ඉංග්‍රීසියෙන්ම පේන්නෙ. යුනිකේත නොවන පැරණි සිංහල ෆොන්ට වලදි භාෂාව ඉංග්‍රීසි වුණත් සිංහල අකුරු පේන්නෙත් ඒ නිසාම තමයි.

ඒ ඒ භාෂාවෙ font mapping හොයාගන්න ඕනෙ නම්
Select Unicode Block එකෙන් භාෂාව තෝරල, Composite Font හි Configure තෝරන්න. එතකොට පේනව ඒ භාෂාවෙ Font List එකක් පහත screenshots වල පරිදි.



ඕනෙ නම් Composite Font වෙනුවට Single Font තෝරල, ඒ ඒ ෆොන්ට තෝරගෙන අකුරු මුහුණු බලාගන්න පුලුවන්...

:)