2010-04-01

ඒ සිංදුව තේරෙන්නෙ නෑ?... David ft. Akon

David Guetta feat Akon - Sexy Bitch / Sexy Chick

Akon ගෙ ඒ සිංදුවෙ සිදු වෙලා තියෙන අපහාසය මොකක්ද කියල කවුරු හරි කියන්නකො?
මට ඔය බටහිර සිංදු වල වචන තේරෙන්නෙ නෑ නෙ. එහෙම ඒකෙ වචන වලින් හානියක් වෙලා තියනවද?

රූප ටික නම් දැක්ක. ඒත් ඒකෙන් එච්චරම අවුල් දෙයක් පෙන්නුම් කරනව කියල මට තේරුනේ නෑ නෙ.

මට ඒ වෙලාවෙ මතක් උනේ බුදු හාමුදුරුවො බුදු වෙන එක වලක්වන්න මාරයා එවපු යම දූතිකාවො. (තණ්හා, රති, රගා) ...
මාරයගෙ දූල තුන් දෙනා එසේ මෙසේ ගෑනු ටිකක් නම් යවන එකක් නෑ නෙ. මේ ගීතයේ මාතෘකාවට අදාළ චරිතයත් ඒ වගේ පෙනුම ඇති කෙනෙක් කියල පෙන්නන්නද දන්නෙ නෑ ඒ කට්ටිය Visual එක හදල ඇත්තෙ. ඇත්තටම එහෙම බැලුවොත් මේක එච්චරටම අවුලක් නෑ වගේ නේද?


අපේ පන්සල් වලත් මාර දූතියන්ගෙ අඩ නිරුවතට සමාන රූප ඇඳල තියෙන්නෙ. බුදුන් ඉදිරියේ ඒ වගේ කාන්තාවන් ඉන්න එක එතනදි අවුලක් කියල ගොඩක් අයට හිතෙන්නෙ නෑ නෙ. මෙතනත් ඒ වගේ නෙමෙයි ද?
මීටත් වඩා ඒව පන්සල් වල තිබුනත් අපි ඒව ගනං ගන්නෙ නෑ නෙ. මොකද ඒකෙ අරමුණ අපහාස කිරීමක් නොවන නිසා...
http://www.zamandayolculuk.com/cetinbal/09/8resumo08.jpg


මෙහෙම ගියොත් Akon වෙනුවට "Kill Buddha" කියන Group එක එන්න ගියොත් (දැන් ඒක නැද්ද කොහෙදො!) කට්ටිය නම දැක්ක ගමන් පෙළපාලි යයි. ඒකෙ තේරුම හොයල බලන්නෙවත් නැතුව!

"If you meet the Buddha, kill the Buddha; if you meet the Patriarchs, kill the Patriarchs; if you meet an Arhat, kill the Arhat; if you meet your Parents, kill your Parents… in this way, you attain Liberation"
http://en.wikipedia.org/wiki/Kill_Buddha
http://www.killthebuddha.org


තමන්ගෙ පස්ස පැත්තෙ බුද්ධ රූප ගහගෙන ඉන්න එක, බුදු පිළිම පොළවෙ ගහල කඩන එක වගේම වචනයෙන් කියන්න බැරි තරමෙ අපහාසාත්මක දේවල් ඕන තරම් වෙනව.
http://media.photobucket.com/image/funny%20buddha/sonicchronic/BUddha777.jpg
මෙන්න මේව නම් ටිකක් අවුල්...


ඒත් ඔය මොකකින්වත් බුදු දහමට හානියක් නම් කරන්න බෑ!

ඒ කාලෙ ඇතැම් තීර්ථකයින් කොච්චර දරුණු අපහාස කළත් ගනන් නොගෙන ඉන්න කියල බුදු හාමුදුරුවො තමන්ගේ ශ්‍රවකයින්ට දේශනා කළා කියලයි අපේ බුද්ධ ධර්මය පොත් වල තිබ්බෙ!

.

6 comments:

  1. ඔයා බබානේ. කාමරේ බුද්ධ රුප එල්ලගෙන වයිප් එක්ක කරන දේවල් දැක්කම මේවා මොනවද නේද බබෝ...

    ReplyDelete
  2. වැඩක් නෑ බං මේව කතා කරලා. අපියි මෙතනට ගැළපෙන්නෙ නැත්තේ. මේක සදාචාර සම්පන්න ධර්ම රාජ්‍යයක්.

    ReplyDelete
  3. දේශද්‍රෝහියාApril 2, 2010 at 9:18 PM

    ෂ් ෂ්.....

    ජාතික සංඝ සම්මේලනයට ඇහුනොත් පන්සලකට ගිහින් පස්ස හරවගෙන එන්න නෙමෙයි.

    ReplyDelete
  4. යාලුවා,ඔබගේ බොහෝ අදහස් සමග මමත් එකඟයි.නමුත් මෙතනදි ඔයාට තේරුම් ගන්න බැරි වෙලා තියනවා පන්සල් වල බුදු පිලිම ඉස්සරහා මාර දූවරු චිත්‍රයට නැගීමේ සහ akon ගේ visual එකේ වෙනස.ඒ මාර දූවරු ඇඳීමෙන් එම ශිල්පියා අරමුණු කලේ අපගේ අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ බෝ මැඩ තුලදී මාර පරාජය කර සම්මා සම්බෝධිය අවබෝධ කල අයුරු අපට චිත්‍රානුසාරයෙන් පෙන්වා දීමටයි.
    නමුත් එකොන් ගේ අරමුණ ඒක නොවෙයි! (විෂුවල් හදපු අයගෙත්).
    මේක තේරුම් ගන්න බැරුව ඔයා මේ දෙක සමාන කරන්න යැම අණුවන කමක්. එමගින් මේ පොස්ට් එක බලන අයෙකුට වැරදි වැටහීමක් ඇතිවෙන්න පුලුවන් නේද?

    ReplyDelete
  5. ඒ අයගෙ අරමුණු මොනවද කියල මම නම් දන්නෙ නෑ. අරමුණ මොකක්ද කියලයි, වෙලා තියන අපහාසෙ මොකක්ද කියලයි පොඩ්ඩක් විස්තර කළොත් හොඳයි... Akon ගෙ මීට වඩා චාටර් visual තියනව නේද?

    ReplyDelete
  6. Akon gen kiiya gahan ayyala karanne monwad?

    1. Kudu Sales
    2. Massage and Ganika Business
    3. Bar & Beer Resturents

    Janadhipathi indan pahalata fun thama ganne

    Lord Buddha can't be beaten with nude! but rest you can

    ReplyDelete

something,anything...