2018-11-11

CEA Logo Vector (SVG, PDF) - Central Environmental Authority, මධ්‍යම පරිසර අධිකාරිය

In Vector Format. Unofficial!

Not official releases. Nor originally illustrated Vectors.
Just made from raster images found on the internet and image-traced into a vector file.
Therefore, it is not as good as an original vector, yet much better when printing in high resolutions as it scales infinitely without losing clean and sharp edges! :)
If there is a better version, let me know please!

The vector is available in SVG and PDF formats.

Optionally, a hi-res PNG raster image is also included!




CEA LOGO SVG

SVG
(Scalable Vector Graphics - A Simple XML text format that supported in Web Browsers Also)



CEA-Logo-SVG.svg

View and Download CEA-Logo-SVG.svg




CEA LOGO PDF

PDF
(Portable Document Format - You all know it. It supports vectors as well as rasters in it. Zoom and you can find the type. Please do not use discontinued Adobe Reader that is vulnerable. Use new Adobe Reader DC or Other Free Alternatives :)

View and Download CEA-Logo-PDF.pdf




CEA LOGO PNG

PNG
(Portable Network Graphics - A lossless yet compressed raster image type that supports transparency. Ideal for Logos, Screenshots and Illustrations)

High Resolution PNG. Not ideal as vectors. But in cases like uploading into Social Media etc. this can be used. In own websites like blogs and official websites, SVG is preferred.

CEA-Logo-Transparent-Background-PNG.png

View and Download CEA-Logo-Transparent-Background-PNG.png




CEA, Central Environmental Authority, Sri Lanka, Logo, Crest, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකාව, ලකුණ, ලාංඡනය, සලකුණ

2017-04-07

UoC Logo - Vector (SVG, PDF)

University of Colombo. Crest. Logo


In Vector Format. Unofficial!

These are not official releases. Nor originally illustrated Vector arts.
This is just made from raster images found on the internet and image-traced into a vector file.
Therefore, it is not as good as an original vector, yet much better when printing in high resolutions! :)
If there is a better version, let me know!

The vector is available in SVG and PDF formats and has 2 styles. Black and 2 Colour.

Optionally, hi-res PNG raster images are also included!





Monochrome Logo (Black)



Download PDF: UoC-Logo-Vector-Black-Transparent-PDF.pdf



UoC-Logo-Black-SVG.svg
UoC-Logo-Black-SVG.svg




Two Color. Purple-Yellow Logo




Download PDF: UoC-Logo-Vector-YellowPurple-Transparent-PDF.pdf



UoC-Logo-YellowPurple-SVG.svg
UoC-Logo-YellowPurple-SVG.svg




Optional High Resolution Raster (NonVector) PNG files

Use these if and only if above SVG or PDF vector files can not be used.

UoC-logo-Raster-NoVector-Black-Transparent-4000px.png

UoC-logo-Raster-NoVector-YellowPurple-Transparent-5000px.png



කොළඹ විශ්වවිද්‍යාලය, ලකුණ, ලාංඡනය, සලකුණ

University of Colombo, Logo, Crest, UoC


UoC rox ;) Enjoy!

2015-09-13

සරසවි මතක (කවි)

our campus


කලකට පසුව fb ආ වෙලාවේ
දුටුවා කවි මඩුව නැත හුදකලාවේ
මිතුරන් තවම සිටිනව කවි කලාවේ
ගැටලු ඇත්තෙ මා හට නම් වේලාවේ

නිරතුරු සිසිල දුන් ඒ නුග ගස් පේලී
සිටිනා එක වැළකුවා අප අව්වේ වේලී
පාඩම් නොකරනා අපගේ සිත මෑලී
සොරකම් කළා මග තොට යන එන කෑලී

කන්නට බැරි උණත් open එකෙ කෑම
බඩගිනි අඩු කළා අප සැමගේ බෝම
අවුරුද්දකට සැරයක් කළ මඩ නෑම
අහෝ දුකකි දැන් කරනට බැරි වීම

welcome, සමයම ද සමඟින් අවුරුද්ද
cricfest-කළා ලොකුවට දාගෙන සද්ද
ඇඟ පුරාම ලොකු ලොකු මදුරුවො විද්ද
රෑ කීයක් bench-උඩ ගත කර ඇද්ද?

සුන්දර මතක අප හදවත් වලට ගෙනා
තවත් විටක ඇස් කඳුළින් තෙත් ද වෙනා
දුක සැප බෙදා ගත් මිතුරන් දුරස් උණා
uni ජිවිතය අප සැමගේ ඉවර වුණා!


-
බරා (ඇඹුලා)
:( university කැම්පස් සීපද

2015-08-28

Samaposha Dutuwama (දිගු දෑස ;) සමපෝෂ දුටුවාම

සමපෝෂ දුටුවාම (දිගු දෑස දුටුවාම ;) +


Samaposhe Dutuwama


සමපෝෂ දුටුවාම - ඇඬෙනවා පෙරසේම...
කාපු ලොකු ගුලි ගාණ - ඔය බඩට අමතක ද?..
බිඳ දමා මගෙ සිහිනේ - ඇයි ද ඔබ ඉවර උණේ!
මට කන්න පෙර වාගේ - ගුලි දෙන්න සමපෝෂේ

රෑ දිවා, බඩ පුරා - ඇවිලිලා මේ ගින්න...
බඩ පණුවො, අඬනවා - උන්ට නෑ තේරෙන්නේ
සමපෝෂ, තව නැති ද? - අහනවා බඩ මාගේ
මට දෙන්න සමපෝෂේ - ගුලි කන්න පෙර වාගේ

පෙර එදා, ඉවසලා - පඩිය ගෙන අග මාසේ
ගෙවනවා, ගන්නවා - සමපෝෂ මලු බෝසේ
ගත්තු මලු, අද කොහි ද? - හොයනවා කට මාගේ
කවදාද පඩි දෙන්නේ? - සමපෝෂ ගුලි කන්නේ!

-
වකා+


(මෙම ප්‍රචාරක දැන්වීම වලට තවම මුදල් ගෙවා නොමැත...
එබැවින් ඉදිරියේදී 'සමපෝෂ' වෙනුවට 'රන්පෝෂ' ආදේශ කිරීමට නියමිතය!)






Bonus 1

They Porsche, Me SamaPorsche


Porsche, Sama-Porsche
external sourced





Bonus 2

ප්‍රතිඵලය දුටුවාම


Lyrics + (Link)


Video



:)

2015-08-21

MaCo (මැකෝ)

MaKo (මැකො). Election Commissioner (මැතිවරණ කොමසාරිස්) DOTA, dota2


DOTA2, Sniper DOTA - MaKo
(if you know what i mean ;)

"ඇයි මක්කටෙයි වෙඩි දණහිසෙන් පහළට තියන්නෙ? 
ඡන්ද පොළට ඇවිල්ල උදුරං යන්න ආවොත් ඔළුවට තියනව මිසක්!.." 


MaCo Thug Life



Only Thugs can run an Election
Posted by Thug Life Sri Lanka on Sunday, March 8, 2015

2015-08-18

V for Bajiriyanan (මැතිවරණ ජයග්‍රහණය) +

පාර්ලිමේන්තු ;) මැතිවරණය 2015. ඇතුගල්පුර.

Bajiri Victorious

ඇතුගල්පුරට විජයග්‍රහණය කළ බජිරියාණන් හට සුභ පැතුම්!

පරදේසක්කාර එදිරිවාදියා පරදා අද දින බජිරියාණන් ලද ජයග්‍රහණයෙන් සුව දහසක් වූ හුදී ජනයාගේ සිත් සතන් පහන් විය. සිය අඳුරු කුටියේ හුදෙකලා වූ මොහොතේ කිසිවකු විසින් දල්වන ලද පහණින් ලද පන්නරයෙන් රට වෙනුවෙන් පෙනී සිටීමට තිබූ විළි-බිය දුරු වී තව තවත් එඩිතර වූ බජිරියාණන්, සිය රශ්මි ධාරාවේ ප්‍රභාෂ්වරයෙන් මුලු මහත් ඇත්ගල්පුරයම ඒකාලෝක කොට ඇත... පෙර දිනකදී තම අතට තම හිස වුවද, අද ඔහු තනි නැත... සිවු දෙසින් පැමිණෙන ප්‍රගතිශීලී සහ ත්‍යාගශීලී බලවේග සිය දෑත් ශක්තිමත් කිරීමට සැදී පැහැදී සිටී.. මෙසේ දෑතේ ශක්තියෙන් Neil Armstrong පරයන මට්ටමට ආ බජිරියාණන් හට සඳු දියණිය පවා උපහාර දැක්වූවාය... ඉදිරි විජයග්‍රහණයේ නිමිත්තක් වශයෙන් පසුගිය පුන් පොහෝ දින අහස් කුස දෙස නෙත් යොමු කළ විට සාවෙකු නොව බජිරියාණන් දිස් වූයේ එබැවිනි!..
Bajiri in the Moon (සඳ මත බජිරි)

මැතිවරණ දින උදෑසන දොරින් අඩක් ඇරි විට සිසිල් සුළං ආයේ "ආයුබෝ වේවා!.. බජිරියාණනි!.." කියන්නාක් මෙනි!.. ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම මහපොළව කම්පා වූ අතර පොද වැස්සකින් අහස් තලය ද ප්‍රතිචාර දැක්වීය....

ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතූ බජිරියාණන් පවසා සිටියේ, රටට මෙන්ම ඇතුගල්පුරටද අවනම්බුවක් වන ලෙස පිටරටින් ආනයනය කරන CH3CH2OH වෙනුවට වෙනත් දේශීය CH3–CH2–OH විකල්ප ලබා දෙන බවයි. ඇතුගල්පුර සම්බන්ධ රථ වාහන ආශ්‍රිත ගිවිසුම් වළින් නොනැවතී තව දුරටත් ඉදිරියට යා යුතු බව පැවසූ හෙතෙම, සහළින් සශ්‍රීක ඇතුගල්පුරයේ සහල් ආශ්‍රිත බීම වර්ග නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ජපන් සමාගමක් සමඟ සාකච්ඡා පටන් ගන්නා බවද පැවසීය. (මෙම පුවත සැළ වූ විපක්ෂයේ එදිරිවාදියකු තම ව්‍යාපාර බංකොළොත් වේ යැයි බියෙන් තම පක්ෂය මාරු කිරීමට සැලසුම් කරන බව තතු දත් ආරංචි මාර්ග පවසයි)... කෙසේ වෙතත් සුළු පරිමාණ රා මදින්නන් මේ පිළිබඳ බිය නොවිය යුතු බව පැවසූ බජිරියාණන් ඔවුනට කාර්යක්‍ෂමව රා මැදීම සඳහා කුඩා හෙලිකොප්ටර බෙදා දෙන බවට පොරොන්දු විය. එමෙන්ම තම පක්ෂ ලකුණ ප්‍රචලිත කිරීමේ අදියරක් වශයෙන්, ඇතුගල්පුර සහ යාබද දිස්ත්‍රික්ක වල පිළිකා කාරක දුංකොළ වගාව වෙනුවට, පිළිකා නාශක ඖෂධ වගාවක් හඳුන්වා දෙන බවත්, ඊට තම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන
Marinju Wedikkara (මරිජු වෙඩික්කාර)
මරිජුවාණන් ගේ සහය ලබා ගන්නා බවත් බජිරියාණන් තවදුරටත් පැවසීය...

2015-08-13

ඡන්ද සහ අපේ මනාප (2015 මැතිවරණ)

UCFS. 2007s Batch. (බජිරිගේ කණ්ඩායම).

Election Humor (Fun side of Sri Lankan Politics :)


#iVoteBajiri


Paniya (කොන්ද කඩාගත් පැණියා)


#iVoteBajiri Cover


VC - Podi Athe (උපකුලපති පොඩි අතේ)


Marinju Wedikkara (මරිජු වෙඩික්කාර)


Sakvithi Sarthon (සක්විති සාර්තොං)


Amdan (ඇම්ඩන්)


Bajiri in the Moon (සඳේ බජිරි)


Our President (අපේ සභාපති)

UOCFS, UoC FS, UoC FoS

හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි!

2015-08-07

Ayubo Wewa Bijiriyanani (Maharajanani :) ආයුබෝ වේවා!

ආයුබෝ වේවා බජිරියාණනි!..



Music: IBBA

Lyrics: Boo

Vocals: WaKa

Graphics: Bara


සිව් මහ බඹුන් - දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් - පෑ පෙළහරින්
Science එක එක් සේසත් කළේ //
ආයුබෝ වේවා බජිරියාණනි...

ඇතුගල් පුරවරයෙන්
කිව්වට ඊට ටිකක් එහයින්
Campus ආවේ වැරදීමකින්
ඔහුගෙ පින් මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳහළ බජිරියාණනි
ආයුබෝ වේවා බජිරියාණෙනි....

Science එකේ අභිමන්
'ඇරපු එකේ' රස මුසු සොයමින්
පසන් නිවසට වසන්තය දී
කසන් නැති දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි බජිරියාණනි
ආයුබෝ වේවා බජිරියාණනි... ///

(හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි!.. ;)
AKA: Ayubowewa, Aibo Wewa, Aibowewa

2013-04-11

සිංහල යුනිකේත ගැන (about sinhala unicode) ++

Unicode, Language, Keyboard - Input Method, Font - Font Faces


Unicode වලදි font හැසිරෙන්නෙ ඉස්සර non-unicode යුගයෙදි හැසිරුණ විදිහට නෙමෙයි...
unicode sinhala fonts, non-unicode sinhala fonts වලට වඩා සෑහෙන වෙනස්...

අපි unicode වලින් යමක් type කරද්දි ප්‍රධානම දේ තමයි භාෂාව. font face එන්නෙ ඊට පිටිපස්සෙන්.

ඉස්සර යුනිකෝඩ් එන්න කලින් අපි සිංහල font කියපු ඒව ඇත්තටම සිංහල නෙමෙයි. සිංහල වගේ පේන ඉංග්‍රීසි (රෝම/ලතින්) අකුරු.
හැබැයි යුනිකෝඩ් සිංහල කියන්නෙ ඇත්තටම සිංහල අකුරු.

Unicode වලින් document එකක් type කරද්දි අපි සිංහල language එක SI කරලයි type කරන්න ඕනෙ. නැතුව Iskoola Pota වගේ සිංහල unicode font එකක් select කරල නෙමෙයි!.. font මාරු කරන්න ඕනෙ නෑ, auto මාරු වෙනව. දෙමළ වලදිත් එහෙමයි. language එක TA දීල දෙමළ ටයිප් කරන්න ඕනෙ. English
නම් language එක EN දෙන්න ඕනෙ. (Normal Shortcut key Alt+Shift to switch between languages)
Language එක මාරු කළාට පස්සෙ Default keyboard එකෙන් type වෙන්නෙ. අපිට ඕනෙ නම් වෙනත් Input Method එකක්, වෙනත් Keyboard එකක් තෝරගන්න පුළුවන්. කලින් දීල තියන keyboards/input methods language bar එකේ තියනව. Sinhala නම් Sinhala International, Wijesekara-9, Google වගේ keyboards වෙනම දාගන්න පුළුවන්.

අපිට font එකත් මාරු කරන්න ඕනෙ නම් පුළුවන්.
සිංහල නම් වෙනස් කරද්දි අපි දෙන්න ඕනෙ සිංහල යුනිකෝඩ් තියෙනෙ font එකක්.
Iskoola Pota, Potha, DinaminaUniWeb, Kandy Unicode, Kaputa Unicode, Nirmala UI වගේ ඒව සිංහල unicode fonts.
ඔතනින් Nirmala UI එක හැර අනිත් ඒවගෙ තියෙන්නෙ සිංහල හෝ සිංහල+English අකුරු විතරයි. Nirmala UI එකේ දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු තියනව.

ඔය වගේ unicode font එකක් දුන්නම, සිංහල unicode content වල font එක වෙනස් වෙනව දීපු එක අනුව.
හැබැයි unicode නොවන DL, FM වගෙ සිංහල ලෙස පේන fonts වලට මාරු කළාට වෙනස් වෙන්නෙ නෑ sinhala unicode contents. හේතුව ඒ පරණ non-unicode fonts සිංහල යුනිකේත font නෙමෙයි, ඒව ඇත්තටම ඉංග්‍රීසි fonts. ඒවගෙන් වෙනස් වෙන්නෙ English content විතරයි...

භාෂා 3න් ම මොනව හරි type කරල තියනව කියල හිතන්න.... (English සිංහල தமிழ்)
English: Calibri
Sinhala: Iskoola Pota
Tamil: Latha

ඒ "ඔක්කොම" select කරල Trebuchet MS වගේ English Font එකක් දුන්නොත්, ඒ font වෙනස් වීම අදාළ වෙන්නෙ English content වලට විතරයි. select වෙලා තිබ්බට Sinhala, Tamil ඒව වෙනස් වෙන්නෙ නෑ අදාළ නැති නිසා...

ඔක්කොම select කරල Sinhala font එක Iskoola Pota වෙනුවට Malithi Web දුන්නොත් සිංහල සහ English කොටස් වෙනස් වෙනව. දෙමළ කොටස වෙනස් වෙන්නෙ නෑ. (Malithi Web, Iskoola Pota වගේ unicode fonts Unicode සිංහල fonts කිවුවට ඇත්තටම Sinhala+English unicode fonts. Sinhala English භාෂා දෙකේම අකුරු තියනව)

ඔක්කොටම Latha font එක apply කළොත් සිංහල කොටස හැර අනිත් දෙකේම font එක Latha වෙනව. (Latha: Tamil+English Font)

ඔක්කොම select කරල Nirmala UI apply කළොත් භාෂා තුනේම font එක Nirmala UI වෙනව. Nirmala UI එකේ English, Sinhala, Tamil වගේම දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු අඩංගුයි.... ලොකු font එකක්...


See :)

(English සිංහල தமிழ்) ← Default

(English සිංහල தமிழ்) ← Trebuchet MS
(English සිංහල தமிழ்) ← Malithi Web
(English සිංහල தமிழ்) ← Latha
(English සිංහල தமிழ்) ← Iskoola Pota
(English සිංහල தமிழ்) ← Nirmala UI


එක් එක් පරිගණකයෙ තියන font වෙනස් නිසා, default font faces සහ sizes වගෙ දේ OS එක සහ වෙනත් හේතු මත් වෙනස් වෙන්න පුලුවන් නිසා, උඩ තියන කොටස එක එක්කෙනාට වෙන වෙනස් විදිහට පේන්න පුලුවන්!... ඒ නිසා මෙන්න screenshot එකක්, මගෙ එකේ පේන විදිහ පෙන්නන්න...
Preview - Screenshot



තවත් වැදගත් දෙයක් තමයි යම් කිසි unicode font face එකක් නියම කරල තියෙන කොට ඒ font එක නැත්නම් බොහෝ විට ඊට ගැළපෙන වෙනත් font එකකින් ඒ ටික පේනව..... ඒ කියන්නෙ Malithi Web හෝ Nirmala UI වගේ fonts machine එකේ නැත්නම් ඒ machine වල මේ document එකේ Malithi Web, Nirmala UI වලින් තියන කොටස් Iskoola Pota එකෙන් පෙනෙයි....


ප.ලි.
Composite Font සහ Single Font කියල දෙකක් තියනව.
Composite (සංයුක්ත) Font එකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවෙදි, ඒ ඒ භාෂාවෙ Default Font එකෙන් පෙන්වීම. Single Font එකේදි ඒ font එකට පමණක් සීමා වෙනව...
Composite Font නිසා තමයි අපිට යමක් type කරද්දි font එකක් දෙන එක කරන්න අත්‍යවශ්‍ය නොවෙන්නෙ... සිංහල වගේ භාෂාවකින් type කරද්දි font මාරු කරන්න ඕනෙ නැත්තෙ ඒකයි. 

BabelMap වගේ Font/Character Tool/Manager එකකින් පුළුවන් Unicode font ගැන ගොඩක් දේ බලා ගන්න. අධ්‍යයනය කරන්න...

Online
http://www.babelstone.co.uk/unicode/babelmap.html
Download (recommended)
http://www.babelstone.co.uk/software/babelmap.html

Download කරල open/run කරල බලන්න...

English වගේ ඒව අයිති වෙන්නෙ Basic Latin වලට. Basic Latin වල Composite Fonts වල Configure ගිහින් බලන්න. ඉංග්‍රීසි font එක්ක හැම සිංහල ෆොන්ට් එකම වගේ තියනව දකුණු පැත්තෙ. Click කරල බැලුවම Unicode සිංහල ඒවගෙ ඉංග්‍රීසි අකුරු පෙනෙද්දි, non-unicode DL, FM වගේ ඒවගෙ සිංහල අකුරු පේනව. Unicode ඒවගෙ English font තිබෙන සහ map වෙලා ඇති නිසා තමයි language එක සිංහලට මාරු නොකර English තියෙද්දි Font එක විතරක් මාරු කළාම සිංහලෙන් නොපෙනී ඉංග්‍රීසියෙන්ම පේන්නෙ. යුනිකේත නොවන පැරණි සිංහල ෆොන්ට වලදි භාෂාව ඉංග්‍රීසි වුණත් සිංහල අකුරු පේන්නෙත් ඒ නිසාම තමයි.

ඒ ඒ භාෂාවෙ font mapping හොයාගන්න ඕනෙ නම්
Select Unicode Block එකෙන් භාෂාව තෝරල, Composite Font හි Configure තෝරන්න. එතකොට පේනව ඒ භාෂාවෙ Font List එකක් පහත screenshots වල පරිදි.



ඕනෙ නම් Composite Font වෙනුවට Single Font තෝරල, ඒ ඒ ෆොන්ට තෝරගෙන අකුරු මුහුණු බලාගන්න පුලුවන්...

:)

2010-11-22

වින්‍ රා සහ කොටස් කැඩීම. (WinRar, Split, Compression, Recovery)


Files කොටස් වලට කඩල Upload කරන අයට මේක සමහරවිට වැදගත් වෙන්න පුලුවන්!

ගොඩක් අය මේකට HJSplit එක පාවිච්චි කරනව. තවත් අය FFSJ (Fastest File Splitter and Joiner) යොදාගන්නව. තවත් අය FreeArc, 7-zip, PeaZip, WinRar වගේ archive managers පාවිච්චි කරනව. 

පහත list එකෙන් WinRar හැර අනෙක් ඔක්කොම Free  :)

HJSplit ---- http://www.freebyte.com/hjsplit/
hjJoin ----- http://www.mediafire.com/?3jdv8543ossf3rz
FFSJ ------- http://www.jaist.ac.jp/~hoangle/filesj/
FreeArc ---- http://freearc.org/
7-Zip ------ http://www.7-zip.org/

PeaZip ----- http://peazip.org/
Winrar ----- http://www.rarlab.com



ගොඩාක් බහුලව භාවිතා වන HJSplit එකේ තියන වැදගත්ම ප්‍රයෝජනේ තමයි movie එකක නම් මුල්ම කොටස play කරල බලල ඉතිරි ටික බානවද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් වීම. ඇත‍්තටම ඒ වාසිය තියෙන්නෙ ඒක advanced නොවන ගොඩක් simple එකක් නිසා කියල කියන්නත් පුලුවන්.
හැබැයි hjsplit එක තනි movie file එකක් වගේ එකක් කඩන්න සුදුසු උනාට, movie එක එක්ක වෙනම subtitle, posters, nfo වගේ තවත් file තියනව නම් එච්චරම ගැලපෙන්නෙ නැතුව යනව. ඒ වගේම file ගොඩක් තියන software වලටත් මේක ගැලපෙන්නෙ නෑ. සමහරු ඒව zip හෝ rar කරල, ඒක HJSplit එකෙන් කඩනව. අනවශ්‍ය වැඩක්. තවත් සමහරු ඒක multi-volume RAR එකක් විදිහට කොටස් වලට කඩල ගහනව, නොගැලපෙන settings දාල. movie එකක් නම් පොඩ්ඩක් data miss උනාට, ටිකක් corrupt උනාට play කරල බලද්දි එච්චරම අවුලක් නෑ. ඒක hjsplit කොටස් වශයෙන් තිබ්බත් ඒ corrupt උනාම ඇති වෙන අවුල අවමයි. ඒත් rar ඒව corrupt උනොත් වඩේ ටිකක් දෙල් වෙනව! ඒ වගේම video, audio වලටම අදාල compression method වලින් එක පාරක් comress කරපු movie එකක් winrar එකෙන් compress කළාම වෙන්නෙ කාලය ගත වන එක වැඩි වීමත්, බැරි වෙලා හරි download කරද්දි corrupt වුනොත් අවුල් ඇති වෙන්න තියන ඉඩ වැඩි වෙන එකත් විතරයි. අන්න ඒ වගේ අවුල් පහත ක්‍රම වලින් අවම කරගන්න පුලුවන් වෙයි.

ScreenShots




Split
ඊට පස්සෙ එන window එකෙන්. "Split to volumes, bytes" setting එකෙන් කඩන්න ඕනෙ එක කොටසක size එක දෙන්න byte වලින්. (රූපෙ විදිහට 100000000ක් දුන්නොත් 95 megabyte කෑලි වලට කැඩෙනව.)


Compression Method
Movies compress කරල වැඩක් නැති නිසා
"Compression Method" එක "Store" දෙන්න movies වලදි. Store කළාම Speed එක වැඩි වෙනව විතරක් නෙමෙයි, file corrupt උනොත් වෙන හානියත් අඩු වෙනව.(size එක අඩු වෙන්නෙ නෑ, වැඩිපුර වෙලාව ගන්නව විතරයි. හැබැයි uncompressed video, wave audio, bmp නම් compress වෙලා size එක ගොඩක් අඩු වෙනව. ඒත් Xvid,DivX,x264, MP3,AAC, JPG,GIF වගේ compress වෙච්ච් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ. ඒව උනත් files 1000ක් වගේ නම් compress කළාම size එක අඩු කරගන්න පුලුවන් තියනව නම් වෙයි. කීපයකට වැඩක් නෑ)Games, Software නම් Compress කළාට කමක් නෑ. සමහර විට size එක අඩු වෙයි. compress කරපු exe වගේ ඒව නම් තියෙන්නෙ සමහර විට වෙනස නොතේරෙන තරම් වෙයි. Games, Software වලදි store හැර වෙනත් compression method එකක් තෝරගන්න. (Best, Normal. etc...)
පොඩි පොඩි files ගොඩාක් තියනව නම් size එක පොඩි කරගන්න පුලුවන් "Create Solid archive" එක check කරල. ඒත් ඒක නොදාන තරමට හොඳයි.
හේතුව සමාන්‍ය විදිහට යම් කොටසක් corrupt උනොත් ඒක බලපාන්නෙ එතනට අදාළ file එකට විතරයි. ඒත් Solid Archive එකක් ඒක ඔක්කොටම බලපානව. එක තැනක් කේස් ගියොත් ඔක්කොගෙන්ම වැඩක් නැති වෙන්න පුලුවන්!


Recovery Record
අවශ්‍යම නෑ. ඒත් දාන එක හොඳයි. ඒක නිසා දාන්න. files පොඩ්ඩක් විතර corrupt උනත් Recovery Record ඒක නිසා ගොඩදාගන්න පුලුවන්.
Movie එකක් නම් recovery record Percentage එක 1% හෝ 2% ක් විතර දාන්න.
Software හෝ Game එකක් නම් 3% හෝ 4% විතර දාන්න.
Recovery Volumes
කියන්නෙ වෙනම එකක්. එක archive එකක 1 recovery volume එකක් තිබ්බොත් ඒකෙ කොටස් වලින් එකක් අඩු උනාට අවුලක් නෑ. recovery volume 3ක් තිබ්බොත් කොටස් 3k අඩු උනාට අවුලක් නෑ.... ඒ කියන්නෙ කොටස් 100ක් තියන එකක recovery volume 5ක් තියනව නම් අපිට හරියට etract කරගන්න ඕනෙ වෙන්නෙ කොටස් 95යි. (recovery volume ටිකත් ඕනෙ). එක අතකින් වාසියක් නැති බව්ව පෙනුනත්. file corrupt වෙද්දි තමයි වාසිය තේරෙන්නෙ. මෙතනදි file 5ක් දක්වා corrupt වුනත් කමක් නෑ. අවුලක් ඇති වෙන්නෙ නෑ.

Password
අවශ්‍යම නම් Extract Password එකක් දාන්න.
පුද්ගලිකයි රහසිගතයි නෙමෙයි නම් නොදාන තරමට හොඳයි!... :p

-
තවත් Options, Settings ගොඩාක් තියනව. ඒවත් අත්හදා බලන්න :) 


ප.ලි.

මෙතන තියන ඒවගෙන් Free and Open Source එකක් වන PeaZip එකෙන් ගොඩක් වෙනත් වැඩත් කරගන්න පුලුවන්. 

(Secure Delete (Shred), Easy 1 click Command Line, 
Extract 150+ Archive types. Add to 15+ Archive Types)

:)

2010-10-26

Free and Open Source Movies - FOSM - (නිදහස් චිත්‍රපට :)


Free and Open Source Movies (FOSM) නෑ කියල හිතාගෙන මම ඉස්සර post එකක් ලිවුව.
http://akiladj.blogspot.com/2009/11/films-free-and-open-source-movies.html
ඒත් ඒ වගේ ඒව තියනව :)
මට දැනගන්න ලැබුනෙ ළඟදි.

ඒ වගේ movies තුනක් හම්බ උනා. ඊට වඩා ඇති.
මුල්ම එක Elephants Dream (2006). ඊලඟ එක Big Buck Bunny (2008). අලුත්ම එක Sintel (2010).

මේ තුනම හදල තියෙන්නෙ FOSS එකක් වන Blender එකෙන්.
http://www.blender.org


ඒ වගේම අපිට චිත්‍රපටිය විතරක් නෙමෙයි, ඒකට අදාළ audio tracks, original png images, production files, studio backup වගේ ඒවත් අපිට නොමිලේ download කරන්න දෙනව යම්කිසි license එකක් යටතේ.
(Creative Commons වගේ)



---


Sintel (2010)

http://www.sintel.org

Download
http://www.sintel.org/wp-content/content/download.html
(කැමති media format එකක් resolution එකක්, size එකක් තෝරගන්න පුලුවන්)

එහෙමත් නැත්නම් මෙතනින් බා ගන්න.
http://www.mediafire.com/?wr3cd2xw241
(75mb, MKV, x264, AAC, Eng Sub, 720p HD, 1280x544)


-


Big Buck Bunny (2008)
http://www.bigbuckbunny.org

Download
http://www.bigbuckbunny.org/index.php/download/

or (99mb)
http://www.mediafire.com/?jdty1dtsbxd

torrent
http://www.google.lk/search?q=c39fe3eefbdb62da9c27eb6398ff4a7d2e26e7ab


-


Elephants Dream (2006)

http://www.elephantsdream.org

Download
http://orange.blender.org/download
http://www.archive.org/details/ElephantsDream



---



Free and Open Source (FOS) ලෝකයට,
ජය වේවා!
:)

2010-04-01

ඒ සිංදුව තේරෙන්නෙ නෑ?... David ft. Akon

David Guetta feat Akon - Sexy Bitch / Sexy Chick

Akon ගෙ ඒ සිංදුවෙ සිදු වෙලා තියෙන අපහාසය මොකක්ද කියල කවුරු හරි කියන්නකො?
මට ඔය බටහිර සිංදු වල වචන තේරෙන්නෙ නෑ නෙ. එහෙම ඒකෙ වචන වලින් හානියක් වෙලා තියනවද?

රූප ටික නම් දැක්ක. ඒත් ඒකෙන් එච්චරම අවුල් දෙයක් පෙන්නුම් කරනව කියල මට තේරුනේ නෑ නෙ.

මට ඒ වෙලාවෙ මතක් උනේ බුදු හාමුදුරුවො බුදු වෙන එක වලක්වන්න මාරයා එවපු යම දූතිකාවො. (තණ්හා, රති, රගා) ...
මාරයගෙ දූල තුන් දෙනා එසේ මෙසේ ගෑනු ටිකක් නම් යවන එකක් නෑ නෙ. මේ ගීතයේ මාතෘකාවට අදාළ චරිතයත් ඒ වගේ පෙනුම ඇති කෙනෙක් කියල පෙන්නන්නද දන්නෙ නෑ ඒ කට්ටිය Visual එක හදල ඇත්තෙ. ඇත්තටම එහෙම බැලුවොත් මේක එච්චරටම අවුලක් නෑ වගේ නේද?


අපේ පන්සල් වලත් මාර දූතියන්ගෙ අඩ නිරුවතට සමාන රූප ඇඳල තියෙන්නෙ. බුදුන් ඉදිරියේ ඒ වගේ කාන්තාවන් ඉන්න එක එතනදි අවුලක් කියල ගොඩක් අයට හිතෙන්නෙ නෑ නෙ. මෙතනත් ඒ වගේ නෙමෙයි ද?
මීටත් වඩා ඒව පන්සල් වල තිබුනත් අපි ඒව ගනං ගන්නෙ නෑ නෙ. මොකද ඒකෙ අරමුණ අපහාස කිරීමක් නොවන නිසා...
http://www.zamandayolculuk.com/cetinbal/09/8resumo08.jpg


මෙහෙම ගියොත් Akon වෙනුවට "Kill Buddha" කියන Group එක එන්න ගියොත් (දැන් ඒක නැද්ද කොහෙදො!) කට්ටිය නම දැක්ක ගමන් පෙළපාලි යයි. ඒකෙ තේරුම හොයල බලන්නෙවත් නැතුව!

"If you meet the Buddha, kill the Buddha; if you meet the Patriarchs, kill the Patriarchs; if you meet an Arhat, kill the Arhat; if you meet your Parents, kill your Parents… in this way, you attain Liberation"
http://en.wikipedia.org/wiki/Kill_Buddha
http://www.killthebuddha.org


තමන්ගෙ පස්ස පැත්තෙ බුද්ධ රූප ගහගෙන ඉන්න එක, බුදු පිළිම පොළවෙ ගහල කඩන එක වගේම වචනයෙන් කියන්න බැරි තරමෙ අපහාසාත්මක දේවල් ඕන තරම් වෙනව.
http://media.photobucket.com/image/funny%20buddha/sonicchronic/BUddha777.jpg
මෙන්න මේව නම් ටිකක් අවුල්...


ඒත් ඔය මොකකින්වත් බුදු දහමට හානියක් නම් කරන්න බෑ!

ඒ කාලෙ ඇතැම් තීර්ථකයින් කොච්චර දරුණු අපහාස කළත් ගනන් නොගෙන ඉන්න කියල බුදු හාමුදුරුවො තමන්ගේ ශ්‍රවකයින්ට දේශනා කළා කියලයි අපේ බුද්ධ ධර්මය පොත් වල තිබ්බෙ!

.

2010-01-16

Just Listen, කිලෝ බයිට් 10යි

:)

පොඩ්ඩක් අහල බලන්නකො. කිලෝ බයිට් 10 ක් විත‍රයි.....
just Listen, just 10kb



Copy Paste URL


http://translate.google.com/translate_tts?q=Akila%20DJ%20kiyana%20ekaa%20siraama%20dial%20ekakh!&tl=en





අපි ගැන ගුණ වනන්නෙ එසේ මෙසේ කොම්පැනි නෙමෙයි!
Even the Best knows Our Greatness :p

:D

2010-01-14

ඉංග්‍රිසි ක්‍රමවිධි සිංහල හමුවේ අවුල් ඇති කිරීම!

type කරද්දි කොම්බුව මුලින් ටයිප් කළාම හ‍රි විදිහට input method තියනව. අවුලක් නෑ!

දැනට කොම්බුව තියෙන්නෙ යුනිකේත වල අකුරට පස්සෙන් නිසා list කරද්දි අවුලක් නෑ.
කොම්බුව list එකේ මුලින් දානව නම් පිළිවෙල බලද්දි ගැටළු එනවලු!
අකාරාදී පිළිවෙලට sort ක‍රද්දි ගතකුරු (ව්‍යඤ්ජන) මුලින් අරගෙන, ඒ ඒ ගතකුර යටතේ අනු ප්‍රවර්ගයයක් ලෙස පණකුරට (ස්ව‍රයට) අදාළ ඇල පිලි, පා පිලි ලයිස්තුගත කරන එක අමාරුද දන්නෙ නෑ?
කොම්බුව list එකේ මුලින් දානව නම් එහෙම කරන්න වෙයි වගේ නෙ!
මුලින් බලනව 'ක','ග','ට'... වගේ ඒව. 'ා','ැ','ො','ෙ'... ඒව අතහ‍රිනව.
පස්සෙ 'ා' 'ැ' 'ො' 'ෙ' බලන්න වෙනව. අදාළ අකුරට පස්සෙන් තියන 'ා' 'ැ' බලද්දි ඒකට ඉස්ස‍රහින් තියන 'ෙ' බලන්න වෙනව.
වැඩේ සංකීර්ණ වෙනව...

ඇත්තටම සිංහල භාෂාවට අනුව "කා" කියන්නෙ එක අකුරක්ද, අකුරු දෙකක්ද?
යුනිකේත වලදි "කා" අකුරු දෙකක් වගේනෙ!
"කො" කියන එක එහෙම Unicode වල අකුරු දෙකක් වගේ, DL,FM non-unicode ඒවගෙදි අකුරු තුනක් වගේ!
ක්+ආ = කා
මේක යුනිකේත වලට නම් අකුරු දෙකක්, ඒත් අපේ භාෂාවෙ හැටියට අකුරු දෙක එකතු වෙලා හැදෙන්නෙ තනි අකුරක්ද? නැත්නම් අකුරු දෙකක් "කා" යන්නෙ තියනවද?
යුනිකේත වල පිල්ලම් වල අකාරාදී අවුල එන්නෙ ඕක අකුරු දෙකක් ලෙස තියෙද්දි නෙ.
අකුරු එක් වෙලා තනි අකුරු හැදෙනවනම් list කරද්දි කොම්බු අවුල් නැති වෙයි, හෝඩිය වගේ එක ලොකු වෙලා වෙනත් අපහසුතා ඇති වෙන්න බැරි නෑ...

"කා" යන්නෙදි වගේ නෙමෙයි "කෙ" යන්නෙදි....
ක්+එ එකෙන් හැදුනට "කෙ" එකේ කොම්බුව ලියන්නෙ කලින් නෙ!
සංකීර්ණ භාෂා!
මේකට විසදුම airtel එකට මාරුවෙන එක නෙමෙයි නෙ :p


මේ වගේ යම් යම් දේවල් හදාගන්න Tamil, Telugu, Hindi, Thai, Cantonese, Japanese ..... ඒ වගේ වෙනත් සංකීර්ණ අකුරු තියන භාෂා වලින් යමක් කමක් ඉගෙන ගන්න බැරිද?
Computers හා Keyboard සදහා අඩිතාලම වැටිල තියන්නෙ English නිසා ඒක අපිට ඕනෙ විදිහට හදාගද්දි අවුල් එනව නෙ :)
Roman, Cyrillic වගේ යුරෝපීය අකුරු වල මේ වගේ ගැටළු නැති ත‍රම් නෙ!

New Era!... නව යුගය :)


>>
In a World without Fences and Walls, Who need GATES and WINDOWS ??
<<

Of course, totally Agree....
Computers are for the New Age, Post Modern Age, Computer Age....
Not for the Stone Age or Cave Age.... :)



Windows අවශ්‍ය වෙන්නෙ පරිගණක වෙගේම ගේට්ටු, බිත්ති නොතිබ්බ (ඒ කියන්නෙ ගෙවල් දොරවල් කොහොමත් නැති) ආදිවාසීන්ට නෙමෙයි!
Gates නම් ඉතින් කාටත් එච්චර වැඩක් නෑ තමයි.... ;)


මොනව උනත් ඒ කියමන නම් මරු :)
කාගෙ නිර්මාණයක්ද ඕක?
එකඟ නොවුනත් අගය කරන්න එපැයි


අනිත් කාරණය තමයි මේ පරිගණක මරු උනාට, ගල් යුගය මේ යුගයට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ!

2010-01-06

සිංහල, தமிழ், English 3-in-1 බ්ලොග්!

සිංහල, தமிழ், English හැම එකෙන්ම එකම බ්ලොග් එකේ ලියන අයට,
මම හිතන්නෙ ක්‍රම කීපයක් තියනව භාෂාව අනුව ලිපි වෙන්කරගෙන Feed හදාගන්න පුළුවන්.
කරන්න ලේසිම එකක් තමයි මේ...

මෙක ක‍රන්න "Sinhala" කියන Label (or Tag) එක හැම සිංහල යුනිකේත ලිපියෙම දාන්න ඕනෙ. තමන්ට කැමති ටැග් එකක් Sinhala වෙනුවට යොදාගන්න... [ SU,Sinhala,Syndi,යුනිකේත,සිංහල,සින්ඩි.... :]


Blogspot blog එකක් නම්
http://xxxx.blogspot.com/feeds/posts/default/-/Sinhala

http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල


Wordpress.com එකක් නම්
http://xxxx.wordpress.com/feed/?tag=Sinhala


මේ විදිහ Built-In නිසා හැම එකකම වගෙ වැඩ!


Help
http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97933
http://codex.wordpress.org/WordPress_Feeds
.

2010-01-03

Windows File Name වල පාට වෙනස් කිරීම :)

file names වල පාට වෙනස් කිරීම :)

ඕනෑම File Name එකකට කැමති පාටක් දාන්න පුළුවන්….

Windows XP වල තමයි මම කලේ.
IE4 ට අදාළ වන (හෝ ඊට ඉහළ IE වල) ඕනෙම OS එකක පුලුවන් වෙයි!

පොඩි tool එකක් ඕනෙ වෙනවා…
මෙතනින් බාගන්න :)

http://www.4shared.com/file/151360916/db749976/ieshwiz.html

info අනුව මේක Windows 2000 ඉලක්ක ක‍රල Microsoft කට්ටියම හදපු tool එකක් වගේ. Copyright (C) Microsoft Corp. 1981-1999

මේ tool එකෙන් කළාට අන්තිමට ඔක්කොම ක‍රන්නෙ Windows "Desktop.ini" එකෙන් නෙ!

file name වල පාට වෙනස් ක‍රන්නෙත් ඒකෙන්….


ini එක කියෙවුවම තේරෙනව, අපිට ini එකෙන් වෙනස් ක‍රන්න පුළුවන්…
Template එකක් Folder comment එකක් දැම්මොත් "Folder.htt" එකත් එතන හැදෙනව.

:)


විස්ත‍ර ක‍රන්න දෙයක් නෑ!
හ‍රිම ස‍රළයි නෙ!
මේ tool එක ගොඩක් අය Pen Drive වලට Background image දාන්න එහෙම යොදා ගත්ත….

මුලින්ම පහත link එකකින් ieshwiz එක download ක‍රන්න


http://www.mediafire.com/file/2if1y2dnm5y/ieshwiz.zip

http://www.kickasstorrents.com/windows-folder-customization-tool-t4545928.html

http://www.google.lk/search?q=2636F015DDA17BE76D7C1C01A2462C04349DD5B6


ඉන්පසු එය Disk එකේ ඕනෑම Folder එකක් ඇතුලට දමන්න.
(File එකක් හෝ කීපයක් තියන Folder එකක්. මොකද ඒ file name වලයි අපි පාට වෙනස් කරන්නෙ)

ieshwiz.exe එක double click ක‍ර open කරගන්න.

ඉන්පසු ඔබට අවශ්‍ය දේ කරන්න

අවසානයේ Folder එක Refresh කලොත් කෝකටත් හොදයි. ඕනෙ නම් වැඩේ උනාට පස්සෙ ieshwiz.exe එතනින් අයින් ක‍රන්න/මකන්න

:)


තවත් දෙයක්

සාමාන්‍යයෙන් Windows වල NTFS partition වල Compressed files’ names නිල් පාටිනුත්, Encrypted files’ names කොළ පාටිනුත් පෙන්නනවා.
මේ පාටත් අපිට වෙනස් ක‍රන්න පුලුවන් :)
උදා:- Compressed ගොනු නාම රතු පාටින් හා Encrypted ගොනු නාම සුදු පාටින් පෙන්නන්න පුළුවන්
කැමති ඕනැම පාටක් :)

මේක Windows Registry එක edit කරල කරන්න පුළුවන් වෙයි!
ඒත් එහෙම ක‍රන්න නම් මම දන්නෙ නෑ…
මෙන්න මේ Tweak UI කියන Windows Power Toy එකෙන් ඒක ලේසියෙන් කරන්න පුලුවන්.

මෙතනින් Tweak UI download කර ගන්න
http://download.microsoft.com/download/f/c/a/fca6767b-9ed9-45a6-b352-839afb2a2679/TweakUiPowertoySetup.exe
http://windowsxp.mvps.org/tweakui.htm


Install and
Explorer —> Colors
change

ඊට අමත‍රව වෙනත් Windows Tweak/Customize software වලින් මේක ක‍රන්න පුලුවන්.
TuneUp Utilities වල නම්
TuneUP System Control —> Folder Options —> List

.

JDownloader - RS,MU ++

RapidShare, Megaupload එකෙන් ගොඩක්, එකදිගට, auto බාන්න නම් JDownloader වගේ එකක් තමයි. IDM, FreeDM, DAP, FlashGet, Orbit වගේ ඒව වැඩක් නෑ නෙ!…

http://jdownloader.org

RapidShare, MegaUpload,…++…..


Auto ReConnection, Waiting, jAntiCaptcha,….+….


Resume function එක RapidShare free account වලට දෙන්නෙ නැති නිසා RapidShare වල resume කරන්න බෑ.
(IDM,FlashGet,Orbit,DAP,FDM වලදිත් බෑ නෙ!)

MegaUpload free වලත් resume දෙන්නෙ නැති වුනත් JDownloader ඒකේ resume කරන්න පුළුවන්!.. (megaupload කට්ටිය ගෙ Mega Manager එකේ වුනත් resume දෙන්නෙ නෑ)
දවසක් විත‍ර ගියොත් නම් බැරි වෙලා යනව. ඊට කලින් පුළුවන්!…

Resume කරන්න පුලුවන් නිසාම ඇතැම්විට එහෙම ක‍රන MegaUpload ඒවගෙ ගැටළු එනවා. RapidShare වල ඒ ගැටළු නෑ. ඕක වෙන්නෙ විදුලි බලය ඇණ හිටියම හෝ, Stop button එක ඔබල JDownloader එක Close නොක‍ර Windows ShutDown කළාම!

JDownloader එක හැක් එකක්ම නෙමෙයි!

MegaUpload free වල 40 seconds (or 25 secs for registered) timeoute එකයි අකුරු ගහන Captcha එකයි skip වෙලා කෙලින්ම බාන්න පුළුවන්…

(මා ගාව තියන ටිකක් ප‍රණ එකේ ඒක තිතට වෙනවා. හ‍රිම ලේසියි! ඒත් මම අලුතෙන් බෑව එකක්. ඒකෙ ටිකක් කේස්. හේතුව දන්නෙ නෑ!)

RapidShare වලදි තියන වාසි Queue එකයි Auto new IP එකක් ගන්න පුළුවන් එකයි.
Router නම් වෙනස් ක්‍රම. අපි වගේ DialUp මොඩම් නම් මේ වගෙයි batch script එක
RASDIAL /disconnect
RASDIAL “ZTE ZXDSL 852″ xxxx@sltadsl.lk PASSWORD


මට තේරෙන්නෙ නෑ RapidShare free account වලදි download speed එක Software එක මත තීරණය වෙන්නෙ කොහොමද කියල. සමහරු එහෙම වෙනව කියනවා. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ! ඒක ගොඩක් වෙලාවට විචල්‍ය වෙන්නෙ බාන වෙලාවයි, බාන ෆයිල් එකයි, RapidShare Server ඒකයි අනුව. RS server එක බොහෝ වෙලාවට අපි ගන්නෙ select නොක‍ර auto දෙන එක නෙ. එතකොට දෙන්නෙ අඩුවෙන් busy එකක්. ඒක හැම විටම අපිට ගැලපෙන්නෙ නෑ. මට දැනිල තියන විදියට GlobalCrossing, Level(3) වගේ RS servers ටිකක් speed… TeleGlobe වගේ ඒව slow වගේ….

RapidShare වලට නම් managers ගොඩක් පාවිච්චි කරල තියනව. ඒත් ඒ ඔක්කොම එක වගේ. නමුත් එක වගේ නෙ :D
වැඩි වාසියක් නෑ…

RapidShare වලදි නම් JDownloader, CryptLoad, Load!, USDownloader … software ඔක්කොම එක වගේ…

ඒත් MegaUpload free වලට නම් JDownloader ගොඩක් හොදයි වගේ. අකුරු (Captcha) ගහන්න ඕනෙ නෑ. Wait Time එකත් නෑ. Resume ක‍රන්නත් පුළුවන්.
CryptLoad එකේ automatic Captcha recognition තිබ්බත් හ‍රියට වැඩ ක‍රන්නෙ නෑ. ඒත් JDownloader එකේ තියන jAntiCaptcha එක නම් හොදට වැඩ!

Default CryptLoad එකෙන් නම් බාන්න පුළුවන් RS,MU වගේ සයිට් 10කින් විත‍ර තමයි. JDownloader එකේ USDownloader එකේ වගේම සයිට් 100ක් විත‍ර support.
Open Source JDownloader එකේ plugins වලට අමත‍රව Addons තියන නිසා ගොඩක් හොදයි!

JDownloader uses DLC link containers

JDownloader එකේ මට තියන එකම අවුල Java වලින් ලියපු එකක් වීම…. නොහිතන වෙලාවල්වල, random ගැටළු මතු වෙනවා....

Tech Comments :)

Gmail විත‍රක් නෙමෙයි, Yahoo ත් POP3, SMTP නිකන් දෙනව!!!
මම පාවිච්චි ක‍ලා. වැඩ.
Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]
.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව...
(.it, co.uk, co.au, co.in ....)

___


Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ :)
අවශ්‍ය ක‍රන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)
සමහ‍ර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ

___


වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොක‍රන ත‍රමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
VLC වලට navigate ක‍රද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load ක‍රන්නෙ නෑ නෙ!
seek ක‍රද්දි අවුල් යනව. LivAVCodec එක නිසා Xvid වලට එහේම ෂේප් උනත් x264 අවුල්. MKV,MP4 වලට සිරාම සිරා Haali Splitter එක splitter එකක් විදිහට වැඩ ක‍රන්නෙත් නෑ නෙ ඕකෙදි.
VLC මම පාවිච්චි ක‍රපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
Direct VobSub නං හැම subtitle එකටම මරු :)

___


Real Audio Metafile == *.RAM
Real Audio == *.RA

බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ)
(infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)


___



1. වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)

2. Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,
Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]


___


Notepad එකට Font එක අදාළ නෑ. Plain text .txt file වලට Font Face එකක් නෑ. Encoding එක විත‍රයි තියෙන්නෙ.

Notepad එකේ ANSI, UTF-8, Unicode, Unicode big endian වගේ encoding වලින් text file save කරන්න පුලුවන්.

Internet document, HTML වල එහෙම ගොඩක් බහුලව තියෙන්නෙ UTF-8, Western (iso-8859-1), Western (Windows-1252) වගේ encoding.

ISO-8859-1 කියන එක ANSI එකම තමටි මම හිතන්නෙ.
(ANSI – American National Standards Institute)

UTF-8 කියන encoding එක කෝකටත් හොඳයි.
ANSI, UTF-8 දෙකම සාමාන්‍යයෙන් ගන්නෙ එකම ඉඩ ප්‍රමාණයක්. Unicode (UTF-16, UTF-32) ඒව රීට වඩා වැඩි ඉඩ ප්‍රමාණ ගන්නව.
සිංහල UTF-8 ලියවිල්ලක් Unicode කළොත් size එක දෙගුණ වෙනව.
සිංහල ඇති හා නැති/English Only .txt (අකුරු ගොඩක් තියන) ෆයිල් දෙකක් notepad එක මගින් ANSI, UTF-8, Unicode ආදී encoding 3න් save කරල එක එකේ Size හා අකුරු තියන හැටි බලා ගන්න පුළුවන්…

Madhura Sinhala font එක ආවෙ නම් Unicode එකක් විදිහට නෙමෙයි. ඒකෙ අලුත් Unicode version එකක් ඇවිල්ලද/ඉදිරියට එයි ද දන්නෙ නෑ…


___




මගේ Windows XP වල නම් run32.dll කියල එකක් නෑ. run32 කියල කිසිම file එකක් නෑ Windows Drive එකේ!
Windows 95 වල නම් ඒක 16 bit නිසා 32 bit ඒව run කරන්න ඒ වගේ එකක් ඇති. ඒතනින් එහා 32bit support ඒවට එහෙම dll එකක් ඕනෙ නෑ නෙ.
http://www.processlibrary.com/directory/files/run32/20159

rundll32.exe කියල එකක් නම් XP වල තිබේ. මේක exe ඒකක්. dll නෙමෙයි. මම හිතන්නෙ DLL වලට තනියම execute වෙන්න බැරි නිසා 32bit dll මේ EXE එක ආධාරයෙන් තමයි run වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක infect වෙනවට වඩා වෙන්නෙ මේක ආධාරයෙන් DLL virus run වීමයි.

nVidia VGA driver load වෙද්දි
(rundll32.exe nv4_disp.dll) වගේ එකක් startup එකේ තියනව. මේ dll එක virus නෙමෙයි. VGA driver එක.
අර hard එකේ file Delete කරන Virus එකක් තිබ්බ, ඒකත් dll එකක්. ඒකෙදි startup එකේ මෙහෙම තියනව.
(rundll32.exe dotnetfx.dll,repair)

‘සාමාන්‍යයෙන්’ Task Manager එකේ rundll32.exe එක run වෙන්නෙ නෑ… ‘බොහෝවිට’ ….
මේකත් run එකේ ව‍රහන් නැතුව, ගහල බලන්න, Virus නෙමෙයි!
(rundll32.exe user32.dll, LockWorkStation)

RS,MU Premium Link Generators

RapidShare,MegaUpload,Hotfile,Netload,EasyShare,MegaVideo,MegaShare (RS,MU...)
Premium Link Generating sites ගොඩාක් තිබේ!
වැඩ ක‍රන ඒවත් ගොඩක් (ගොඩාක් නොව ගොඩක්) තිබේ! ;D
ගොඩක් ඒවගෙ credit ඉව‍ර වෙලා තියන නිසා බොහෝ විට වැඩේ කරගන්න බෑ…
පාවිච්චි කරද්දි නම් ක‍රද‍රයි.

ඒත් අවශ්‍යම, size එක අඩු file එකක් හදිස්සියට බාගන්න එහෙම ගොඩක් වැදගත්!


http://www.rapid8.com


http://public.rapidpremium.net


(ටිකක් අලුත විවෘත කරපු site එකක්)
>>>
We have 5 account(s) for RapidShare
1 account(s) for MegaUpload
1 account(s) for MegaShares
1 account(s) for Netload
4 account(s) for HotFile
1 account(s) for Easy-Share
1 account(s) for Uploading

<<<