2015-08-28

Samaposha Dutuwama (දිගු දෑස ;) සමපෝෂ දුටුවාම

සමපෝෂ දුටුවාම (දිගු දෑස දුටුවාම ;) +


Samaposhe Dutuwama


සමපෝෂ දුටුවාම - ඇඬෙනවා පෙරසේම...
කාපු ලොකු ගුලි ගාණ - ඔය බඩට අමතක ද?..
බිඳ දමා මගෙ සිහිනේ - ඇයි ද ඔබ ඉවර උණේ!
මට කන්න පෙර වාගේ - ගුලි දෙන්න සමපෝෂේ

රෑ දිවා, බඩ පුරා - ඇවිලිලා මේ ගින්න...
බඩ පණුවො, අඬනවා - උන්ට නෑ තේරෙන්නේ
සමපෝෂ, තව නැති ද? - අහනවා බඩ මාගේ
මට දෙන්න සමපෝෂේ - ගුලි කන්න පෙර වාගේ

පෙර එදා, ඉවසලා - පඩිය ගෙන අග මාසේ
ගෙවනවා, ගන්නවා - සමපෝෂ මලු බෝසේ
ගත්තු මලු, අද කොහි ද? - හොයනවා කට මාගේ
කවදාද පඩි දෙන්නේ? - සමපෝෂ ගුලි කන්නේ!

-
වකා+


(මෙම ප්‍රචාරක දැන්වීම වලට තවම මුදල් ගෙවා නොමැත...
එබැවින් ඉදිරියේදී 'සමපෝෂ' වෙනුවට 'රන්පෝෂ' ආදේශ කිරීමට නියමිතය!)






Bonus 1

They Porsche, Me SamaPorsche


Porsche, Sama-Porsche
external sourced





Bonus 2

ප්‍රතිඵලය දුටුවාම


Lyrics + (Link)


Video



:)

3 comments:

something,anything...