2013-04-11

සිංහල යුනිකේත ගැන (about sinhala unicode) ++

Unicode, Language, Keyboard - Input Method, Font - Font Faces


Unicode වලදි font හැසිරෙන්නෙ ඉස්සර non-unicode යුගයෙදි හැසිරුණ විදිහට නෙමෙයි...
unicode sinhala fonts, non-unicode sinhala fonts වලට වඩා සෑහෙන වෙනස්...

අපි unicode වලින් යමක් type කරද්දි ප්‍රධානම දේ තමයි භාෂාව. font face එන්නෙ ඊට පිටිපස්සෙන්.

ඉස්සර යුනිකෝඩ් එන්න කලින් අපි සිංහල font කියපු ඒව ඇත්තටම සිංහල නෙමෙයි. සිංහල වගේ පේන ඉංග්‍රීසි (රෝම/ලතින්) අකුරු.
හැබැයි යුනිකෝඩ් සිංහල කියන්නෙ ඇත්තටම සිංහල අකුරු.

Unicode වලින් document එකක් type කරද්දි අපි සිංහල language එක SI කරලයි type කරන්න ඕනෙ. නැතුව Iskoola Pota වගේ සිංහල unicode font එකක් select කරල නෙමෙයි!.. font මාරු කරන්න ඕනෙ නෑ, auto මාරු වෙනව. දෙමළ වලදිත් එහෙමයි. language එක TA දීල දෙමළ ටයිප් කරන්න ඕනෙ. English
නම් language එක EN දෙන්න ඕනෙ. (Normal Shortcut key Alt+Shift to switch between languages)
Language එක මාරු කළාට පස්සෙ Default keyboard එකෙන් type වෙන්නෙ. අපිට ඕනෙ නම් වෙනත් Input Method එකක්, වෙනත් Keyboard එකක් තෝරගන්න පුළුවන්. කලින් දීල තියන keyboards/input methods language bar එකේ තියනව. Sinhala නම් Sinhala International, Wijesekara-9, Google වගේ keyboards වෙනම දාගන්න පුළුවන්.

අපිට font එකත් මාරු කරන්න ඕනෙ නම් පුළුවන්.
සිංහල නම් වෙනස් කරද්දි අපි දෙන්න ඕනෙ සිංහල යුනිකෝඩ් තියෙනෙ font එකක්.
Iskoola Pota, Potha, DinaminaUniWeb, Kandy Unicode, Kaputa Unicode, Nirmala UI වගේ ඒව සිංහල unicode fonts.
ඔතනින් Nirmala UI එක හැර අනිත් ඒවගෙ තියෙන්නෙ සිංහල හෝ සිංහල+English අකුරු විතරයි. Nirmala UI එකේ දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු තියනව.

ඔය වගේ unicode font එකක් දුන්නම, සිංහල unicode content වල font එක වෙනස් වෙනව දීපු එක අනුව.
හැබැයි unicode නොවන DL, FM වගෙ සිංහල ලෙස පේන fonts වලට මාරු කළාට වෙනස් වෙන්නෙ නෑ sinhala unicode contents. හේතුව ඒ පරණ non-unicode fonts සිංහල යුනිකේත font නෙමෙයි, ඒව ඇත්තටම ඉංග්‍රීසි fonts. ඒවගෙන් වෙනස් වෙන්නෙ English content විතරයි...

භාෂා 3න් ම මොනව හරි type කරල තියනව කියල හිතන්න.... (English සිංහල தமிழ்)
English: Calibri
Sinhala: Iskoola Pota
Tamil: Latha

ඒ "ඔක්කොම" select කරල Trebuchet MS වගේ English Font එකක් දුන්නොත්, ඒ font වෙනස් වීම අදාළ වෙන්නෙ English content වලට විතරයි. select වෙලා තිබ්බට Sinhala, Tamil ඒව වෙනස් වෙන්නෙ නෑ අදාළ නැති නිසා...

ඔක්කොම select කරල Sinhala font එක Iskoola Pota වෙනුවට Malithi Web දුන්නොත් සිංහල සහ English කොටස් වෙනස් වෙනව. දෙමළ කොටස වෙනස් වෙන්නෙ නෑ. (Malithi Web, Iskoola Pota වගේ unicode fonts Unicode සිංහල fonts කිවුවට ඇත්තටම Sinhala+English unicode fonts. Sinhala English භාෂා දෙකේම අකුරු තියනව)

ඔක්කොටම Latha font එක apply කළොත් සිංහල කොටස හැර අනිත් දෙකේම font එක Latha වෙනව. (Latha: Tamil+English Font)

ඔක්කොම select කරල Nirmala UI apply කළොත් භාෂා තුනේම font එක Nirmala UI වෙනව. Nirmala UI එකේ English, Sinhala, Tamil වගේම දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු අඩංගුයි.... ලොකු font එකක්...


See :)

(English සිංහල தமிழ்) ← Default

(English සිංහල தமிழ்) ← Trebuchet MS
(English සිංහල தமிழ்) ← Malithi Web
(English සිංහල தமிழ்) ← Latha
(English සිංහල தமிழ்) ← Iskoola Pota
(English සිංහල தமிழ்) ← Nirmala UI


එක් එක් පරිගණකයෙ තියන font වෙනස් නිසා, default font faces සහ sizes වගෙ දේ OS එක සහ වෙනත් හේතු මත් වෙනස් වෙන්න පුලුවන් නිසා, උඩ තියන කොටස එක එක්කෙනාට වෙන වෙනස් විදිහට පේන්න පුලුවන්!... ඒ නිසා මෙන්න screenshot එකක්, මගෙ එකේ පේන විදිහ පෙන්නන්න...
Preview - Screenshot



තවත් වැදගත් දෙයක් තමයි යම් කිසි unicode font face එකක් නියම කරල තියෙන කොට ඒ font එක නැත්නම් බොහෝ විට ඊට ගැළපෙන වෙනත් font එකකින් ඒ ටික පේනව..... ඒ කියන්නෙ Malithi Web හෝ Nirmala UI වගේ fonts machine එකේ නැත්නම් ඒ machine වල මේ document එකේ Malithi Web, Nirmala UI වලින් තියන කොටස් Iskoola Pota එකෙන් පෙනෙයි....


ප.ලි.
Composite Font සහ Single Font කියල දෙකක් තියනව.
Composite (සංයුක්ත) Font එකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවෙදි, ඒ ඒ භාෂාවෙ Default Font එකෙන් පෙන්වීම. Single Font එකේදි ඒ font එකට පමණක් සීමා වෙනව...
Composite Font නිසා තමයි අපිට යමක් type කරද්දි font එකක් දෙන එක කරන්න අත්‍යවශ්‍ය නොවෙන්නෙ... සිංහල වගේ භාෂාවකින් type කරද්දි font මාරු කරන්න ඕනෙ නැත්තෙ ඒකයි. 

BabelMap වගේ Font/Character Tool/Manager එකකින් පුළුවන් Unicode font ගැන ගොඩක් දේ බලා ගන්න. අධ්‍යයනය කරන්න...

Online
http://www.babelstone.co.uk/unicode/babelmap.html
Download (recommended)
http://www.babelstone.co.uk/software/babelmap.html

Download කරල open/run කරල බලන්න...

English වගේ ඒව අයිති වෙන්නෙ Basic Latin වලට. Basic Latin වල Composite Fonts වල Configure ගිහින් බලන්න. ඉංග්‍රීසි font එක්ක හැම සිංහල ෆොන්ට් එකම වගේ තියනව දකුණු පැත්තෙ. Click කරල බැලුවම Unicode සිංහල ඒවගෙ ඉංග්‍රීසි අකුරු පෙනෙද්දි, non-unicode DL, FM වගේ ඒවගෙ සිංහල අකුරු පේනව. Unicode ඒවගෙ English font තිබෙන සහ map වෙලා ඇති නිසා තමයි language එක සිංහලට මාරු නොකර English තියෙද්දි Font එක විතරක් මාරු කළාම සිංහලෙන් නොපෙනී ඉංග්‍රීසියෙන්ම පේන්නෙ. යුනිකේත නොවන පැරණි සිංහල ෆොන්ට වලදි භාෂාව ඉංග්‍රීසි වුණත් සිංහල අකුරු පේන්නෙත් ඒ නිසාම තමයි.

ඒ ඒ භාෂාවෙ font mapping හොයාගන්න ඕනෙ නම්
Select Unicode Block එකෙන් භාෂාව තෝරල, Composite Font හි Configure තෝරන්න. එතකොට පේනව ඒ භාෂාවෙ Font List එකක් පහත screenshots වල පරිදි.



ඕනෙ නම් Composite Font වෙනුවට Single Font තෝරල, ඒ ඒ ෆොන්ට තෝරගෙන අකුරු මුහුණු බලාගන්න පුලුවන්...

:)