Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

2013-04-11

සිංහල යුනිකේත ගැන (about sinhala unicode) ++

Unicode, Language, Keyboard - Input Method, Font - Font Faces


Unicode වලදි font හැසිරෙන්නෙ ඉස්සර non-unicode යුගයෙදි හැසිරුණ විදිහට නෙමෙයි...
unicode sinhala fonts, non-unicode sinhala fonts වලට වඩා සෑහෙන වෙනස්...

අපි unicode වලින් යමක් type කරද්දි ප්‍රධානම දේ තමයි භාෂාව. font face එන්නෙ ඊට පිටිපස්සෙන්.

ඉස්සර යුනිකෝඩ් එන්න කලින් අපි සිංහල font කියපු ඒව ඇත්තටම සිංහල නෙමෙයි. සිංහල වගේ පේන ඉංග්‍රීසි (රෝම/ලතින්) අකුරු.
හැබැයි යුනිකෝඩ් සිංහල කියන්නෙ ඇත්තටම සිංහල අකුරු.

Unicode වලින් document එකක් type කරද්දි අපි සිංහල language එක SI කරලයි type කරන්න ඕනෙ. නැතුව Iskoola Pota වගේ සිංහල unicode font එකක් select කරල නෙමෙයි!.. font මාරු කරන්න ඕනෙ නෑ, auto මාරු වෙනව. දෙමළ වලදිත් එහෙමයි. language එක TA දීල දෙමළ ටයිප් කරන්න ඕනෙ. English
නම් language එක EN දෙන්න ඕනෙ. (Normal Shortcut key Alt+Shift to switch between languages)
Language එක මාරු කළාට පස්සෙ Default keyboard එකෙන් type වෙන්නෙ. අපිට ඕනෙ නම් වෙනත් Input Method එකක්, වෙනත් Keyboard එකක් තෝරගන්න පුළුවන්. කලින් දීල තියන keyboards/input methods language bar එකේ තියනව. Sinhala නම් Sinhala International, Wijesekara-9, Google වගේ keyboards වෙනම දාගන්න පුළුවන්.

අපිට font එකත් මාරු කරන්න ඕනෙ නම් පුළුවන්.
සිංහල නම් වෙනස් කරද්දි අපි දෙන්න ඕනෙ සිංහල යුනිකෝඩ් තියෙනෙ font එකක්.
Iskoola Pota, Potha, DinaminaUniWeb, Kandy Unicode, Kaputa Unicode, Nirmala UI වගේ ඒව සිංහල unicode fonts.
ඔතනින් Nirmala UI එක හැර අනිත් ඒවගෙ තියෙන්නෙ සිංහල හෝ සිංහල+English අකුරු විතරයි. Nirmala UI එකේ දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු තියනව.

ඔය වගේ unicode font එකක් දුන්නම, සිංහල unicode content වල font එක වෙනස් වෙනව දීපු එක අනුව.
හැබැයි unicode නොවන DL, FM වගෙ සිංහල ලෙස පේන fonts වලට මාරු කළාට වෙනස් වෙන්නෙ නෑ sinhala unicode contents. හේතුව ඒ පරණ non-unicode fonts සිංහල යුනිකේත font නෙමෙයි, ඒව ඇත්තටම ඉංග්‍රීසි fonts. ඒවගෙන් වෙනස් වෙන්නෙ English content විතරයි...

භාෂා 3න් ම මොනව හරි type කරල තියනව කියල හිතන්න.... (English සිංහල தமிழ்)
English: Calibri
Sinhala: Iskoola Pota
Tamil: Latha

ඒ "ඔක්කොම" select කරල Trebuchet MS වගේ English Font එකක් දුන්නොත්, ඒ font වෙනස් වීම අදාළ වෙන්නෙ English content වලට විතරයි. select වෙලා තිබ්බට Sinhala, Tamil ඒව වෙනස් වෙන්නෙ නෑ අදාළ නැති නිසා...

ඔක්කොම select කරල Sinhala font එක Iskoola Pota වෙනුවට Malithi Web දුන්නොත් සිංහල සහ English කොටස් වෙනස් වෙනව. දෙමළ කොටස වෙනස් වෙන්නෙ නෑ. (Malithi Web, Iskoola Pota වගේ unicode fonts Unicode සිංහල fonts කිවුවට ඇත්තටම Sinhala+English unicode fonts. Sinhala English භාෂා දෙකේම අකුරු තියනව)

ඔක්කොටම Latha font එක apply කළොත් සිංහල කොටස හැර අනිත් දෙකේම font එක Latha වෙනව. (Latha: Tamil+English Font)

ඔක්කොම select කරල Nirmala UI apply කළොත් භාෂා තුනේම font එක Nirmala UI වෙනව. Nirmala UI එකේ English, Sinhala, Tamil වගේම දකුණු ආසියාවෙ බොහෝ භාෂා වල අකුරු අඩංගුයි.... ලොකු font එකක්...


See :)

(English සිංහල தமிழ்) ← Default

(English සිංහල தமிழ்) ← Trebuchet MS
(English සිංහල தமிழ்) ← Malithi Web
(English සිංහල தமிழ்) ← Latha
(English සිංහල தமிழ்) ← Iskoola Pota
(English සිංහල தமிழ்) ← Nirmala UI


එක් එක් පරිගණකයෙ තියන font වෙනස් නිසා, default font faces සහ sizes වගෙ දේ OS එක සහ වෙනත් හේතු මත් වෙනස් වෙන්න පුලුවන් නිසා, උඩ තියන කොටස එක එක්කෙනාට වෙන වෙනස් විදිහට පේන්න පුලුවන්!... ඒ නිසා මෙන්න screenshot එකක්, මගෙ එකේ පේන විදිහ පෙන්නන්න...
Preview - Screenshot



තවත් වැදගත් දෙයක් තමයි යම් කිසි unicode font face එකක් නියම කරල තියෙන කොට ඒ font එක නැත්නම් බොහෝ විට ඊට ගැළපෙන වෙනත් font එකකින් ඒ ටික පේනව..... ඒ කියන්නෙ Malithi Web හෝ Nirmala UI වගේ fonts machine එකේ නැත්නම් ඒ machine වල මේ document එකේ Malithi Web, Nirmala UI වලින් තියන කොටස් Iskoola Pota එකෙන් පෙනෙයි....


ප.ලි.
Composite Font සහ Single Font කියල දෙකක් තියනව.
Composite (සංයුක්ත) Font එකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවෙදි, ඒ ඒ භාෂාවෙ Default Font එකෙන් පෙන්වීම. Single Font එකේදි ඒ font එකට පමණක් සීමා වෙනව...
Composite Font නිසා තමයි අපිට යමක් type කරද්දි font එකක් දෙන එක කරන්න අත්‍යවශ්‍ය නොවෙන්නෙ... සිංහල වගේ භාෂාවකින් type කරද්දි font මාරු කරන්න ඕනෙ නැත්තෙ ඒකයි. 

BabelMap වගේ Font/Character Tool/Manager එකකින් පුළුවන් Unicode font ගැන ගොඩක් දේ බලා ගන්න. අධ්‍යයනය කරන්න...

Online
http://www.babelstone.co.uk/unicode/babelmap.html
Download (recommended)
http://www.babelstone.co.uk/software/babelmap.html

Download කරල open/run කරල බලන්න...

English වගේ ඒව අයිති වෙන්නෙ Basic Latin වලට. Basic Latin වල Composite Fonts වල Configure ගිහින් බලන්න. ඉංග්‍රීසි font එක්ක හැම සිංහල ෆොන්ට් එකම වගේ තියනව දකුණු පැත්තෙ. Click කරල බැලුවම Unicode සිංහල ඒවගෙ ඉංග්‍රීසි අකුරු පෙනෙද්දි, non-unicode DL, FM වගේ ඒවගෙ සිංහල අකුරු පේනව. Unicode ඒවගෙ English font තිබෙන සහ map වෙලා ඇති නිසා තමයි language එක සිංහලට මාරු නොකර English තියෙද්දි Font එක විතරක් මාරු කළාම සිංහලෙන් නොපෙනී ඉංග්‍රීසියෙන්ම පේන්නෙ. යුනිකේත නොවන පැරණි සිංහල ෆොන්ට වලදි භාෂාව ඉංග්‍රීසි වුණත් සිංහල අකුරු පේන්නෙත් ඒ නිසාම තමයි.

ඒ ඒ භාෂාවෙ font mapping හොයාගන්න ඕනෙ නම්
Select Unicode Block එකෙන් භාෂාව තෝරල, Composite Font හි Configure තෝරන්න. එතකොට පේනව ඒ භාෂාවෙ Font List එකක් පහත screenshots වල පරිදි.



ඕනෙ නම් Composite Font වෙනුවට Single Font තෝරල, ඒ ඒ ෆොන්ට තෝරගෙන අකුරු මුහුණු බලාගන්න පුලුවන්...

:)

2010-11-22

වින්‍ රා සහ කොටස් කැඩීම. (WinRar, Split, Compression, Recovery)


Files කොටස් වලට කඩල Upload කරන අයට මේක සමහරවිට වැදගත් වෙන්න පුලුවන්!

ගොඩක් අය මේකට HJSplit එක පාවිච්චි කරනව. තවත් අය FFSJ (Fastest File Splitter and Joiner) යොදාගන්නව. තවත් අය FreeArc, 7-zip, PeaZip, WinRar වගේ archive managers පාවිච්චි කරනව. 

පහත list එකෙන් WinRar හැර අනෙක් ඔක්කොම Free  :)

HJSplit ---- http://www.freebyte.com/hjsplit/
hjJoin ----- http://www.mediafire.com/?3jdv8543ossf3rz
FFSJ ------- http://www.jaist.ac.jp/~hoangle/filesj/
FreeArc ---- http://freearc.org/
7-Zip ------ http://www.7-zip.org/

PeaZip ----- http://peazip.org/
Winrar ----- http://www.rarlab.com



ගොඩාක් බහුලව භාවිතා වන HJSplit එකේ තියන වැදගත්ම ප්‍රයෝජනේ තමයි movie එකක නම් මුල්ම කොටස play කරල බලල ඉතිරි ටික බානවද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් වීම. ඇත‍්තටම ඒ වාසිය තියෙන්නෙ ඒක advanced නොවන ගොඩක් simple එකක් නිසා කියල කියන්නත් පුලුවන්.
හැබැයි hjsplit එක තනි movie file එකක් වගේ එකක් කඩන්න සුදුසු උනාට, movie එක එක්ක වෙනම subtitle, posters, nfo වගේ තවත් file තියනව නම් එච්චරම ගැලපෙන්නෙ නැතුව යනව. ඒ වගේම file ගොඩක් තියන software වලටත් මේක ගැලපෙන්නෙ නෑ. සමහරු ඒව zip හෝ rar කරල, ඒක HJSplit එකෙන් කඩනව. අනවශ්‍ය වැඩක්. තවත් සමහරු ඒක multi-volume RAR එකක් විදිහට කොටස් වලට කඩල ගහනව, නොගැලපෙන settings දාල. movie එකක් නම් පොඩ්ඩක් data miss උනාට, ටිකක් corrupt උනාට play කරල බලද්දි එච්චරම අවුලක් නෑ. ඒක hjsplit කොටස් වශයෙන් තිබ්බත් ඒ corrupt උනාම ඇති වෙන අවුල අවමයි. ඒත් rar ඒව corrupt උනොත් වඩේ ටිකක් දෙල් වෙනව! ඒ වගේම video, audio වලටම අදාල compression method වලින් එක පාරක් comress කරපු movie එකක් winrar එකෙන් compress කළාම වෙන්නෙ කාලය ගත වන එක වැඩි වීමත්, බැරි වෙලා හරි download කරද්දි corrupt වුනොත් අවුල් ඇති වෙන්න තියන ඉඩ වැඩි වෙන එකත් විතරයි. අන්න ඒ වගේ අවුල් පහත ක්‍රම වලින් අවම කරගන්න පුලුවන් වෙයි.

ScreenShots




Split
ඊට පස්සෙ එන window එකෙන්. "Split to volumes, bytes" setting එකෙන් කඩන්න ඕනෙ එක කොටසක size එක දෙන්න byte වලින්. (රූපෙ විදිහට 100000000ක් දුන්නොත් 95 megabyte කෑලි වලට කැඩෙනව.)


Compression Method
Movies compress කරල වැඩක් නැති නිසා
"Compression Method" එක "Store" දෙන්න movies වලදි. Store කළාම Speed එක වැඩි වෙනව විතරක් නෙමෙයි, file corrupt උනොත් වෙන හානියත් අඩු වෙනව.(size එක අඩු වෙන්නෙ නෑ, වැඩිපුර වෙලාව ගන්නව විතරයි. හැබැයි uncompressed video, wave audio, bmp නම් compress වෙලා size එක ගොඩක් අඩු වෙනව. ඒත් Xvid,DivX,x264, MP3,AAC, JPG,GIF වගේ compress වෙච්ච් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ. ඒව උනත් files 1000ක් වගේ නම් compress කළාම size එක අඩු කරගන්න පුලුවන් තියනව නම් වෙයි. කීපයකට වැඩක් නෑ)Games, Software නම් Compress කළාට කමක් නෑ. සමහර විට size එක අඩු වෙයි. compress කරපු exe වගේ ඒව නම් තියෙන්නෙ සමහර විට වෙනස නොතේරෙන තරම් වෙයි. Games, Software වලදි store හැර වෙනත් compression method එකක් තෝරගන්න. (Best, Normal. etc...)
පොඩි පොඩි files ගොඩාක් තියනව නම් size එක පොඩි කරගන්න පුලුවන් "Create Solid archive" එක check කරල. ඒත් ඒක නොදාන තරමට හොඳයි.
හේතුව සමාන්‍ය විදිහට යම් කොටසක් corrupt උනොත් ඒක බලපාන්නෙ එතනට අදාළ file එකට විතරයි. ඒත් Solid Archive එකක් ඒක ඔක්කොටම බලපානව. එක තැනක් කේස් ගියොත් ඔක්කොගෙන්ම වැඩක් නැති වෙන්න පුලුවන්!


Recovery Record
අවශ්‍යම නෑ. ඒත් දාන එක හොඳයි. ඒක නිසා දාන්න. files පොඩ්ඩක් විතර corrupt උනත් Recovery Record ඒක නිසා ගොඩදාගන්න පුලුවන්.
Movie එකක් නම් recovery record Percentage එක 1% හෝ 2% ක් විතර දාන්න.
Software හෝ Game එකක් නම් 3% හෝ 4% විතර දාන්න.
Recovery Volumes
කියන්නෙ වෙනම එකක්. එක archive එකක 1 recovery volume එකක් තිබ්බොත් ඒකෙ කොටස් වලින් එකක් අඩු උනාට අවුලක් නෑ. recovery volume 3ක් තිබ්බොත් කොටස් 3k අඩු උනාට අවුලක් නෑ.... ඒ කියන්නෙ කොටස් 100ක් තියන එකක recovery volume 5ක් තියනව නම් අපිට හරියට etract කරගන්න ඕනෙ වෙන්නෙ කොටස් 95යි. (recovery volume ටිකත් ඕනෙ). එක අතකින් වාසියක් නැති බව්ව පෙනුනත්. file corrupt වෙද්දි තමයි වාසිය තේරෙන්නෙ. මෙතනදි file 5ක් දක්වා corrupt වුනත් කමක් නෑ. අවුලක් ඇති වෙන්නෙ නෑ.

Password
අවශ්‍යම නම් Extract Password එකක් දාන්න.
පුද්ගලිකයි රහසිගතයි නෙමෙයි නම් නොදාන තරමට හොඳයි!... :p

-
තවත් Options, Settings ගොඩාක් තියනව. ඒවත් අත්හදා බලන්න :) 


ප.ලි.

මෙතන තියන ඒවගෙන් Free and Open Source එකක් වන PeaZip එකෙන් ගොඩක් වෙනත් වැඩත් කරගන්න පුලුවන්. 

(Secure Delete (Shred), Easy 1 click Command Line, 
Extract 150+ Archive types. Add to 15+ Archive Types)

:)

2010-01-16

Just Listen, කිලෝ බයිට් 10යි

:)

පොඩ්ඩක් අහල බලන්නකො. කිලෝ බයිට් 10 ක් විත‍රයි.....
just Listen, just 10kb



Copy Paste URL


http://translate.google.com/translate_tts?q=Akila%20DJ%20kiyana%20ekaa%20siraama%20dial%20ekakh!&tl=en





අපි ගැන ගුණ වනන්නෙ එසේ මෙසේ කොම්පැනි නෙමෙයි!
Even the Best knows Our Greatness :p

:D

2010-01-14

ඉංග්‍රිසි ක්‍රමවිධි සිංහල හමුවේ අවුල් ඇති කිරීම!

type කරද්දි කොම්බුව මුලින් ටයිප් කළාම හ‍රි විදිහට input method තියනව. අවුලක් නෑ!

දැනට කොම්බුව තියෙන්නෙ යුනිකේත වල අකුරට පස්සෙන් නිසා list කරද්දි අවුලක් නෑ.
කොම්බුව list එකේ මුලින් දානව නම් පිළිවෙල බලද්දි ගැටළු එනවලු!
අකාරාදී පිළිවෙලට sort ක‍රද්දි ගතකුරු (ව්‍යඤ්ජන) මුලින් අරගෙන, ඒ ඒ ගතකුර යටතේ අනු ප්‍රවර්ගයයක් ලෙස පණකුරට (ස්ව‍රයට) අදාළ ඇල පිලි, පා පිලි ලයිස්තුගත කරන එක අමාරුද දන්නෙ නෑ?
කොම්බුව list එකේ මුලින් දානව නම් එහෙම කරන්න වෙයි වගේ නෙ!
මුලින් බලනව 'ක','ග','ට'... වගේ ඒව. 'ා','ැ','ො','ෙ'... ඒව අතහ‍රිනව.
පස්සෙ 'ා' 'ැ' 'ො' 'ෙ' බලන්න වෙනව. අදාළ අකුරට පස්සෙන් තියන 'ා' 'ැ' බලද්දි ඒකට ඉස්ස‍රහින් තියන 'ෙ' බලන්න වෙනව.
වැඩේ සංකීර්ණ වෙනව...

ඇත්තටම සිංහල භාෂාවට අනුව "කා" කියන්නෙ එක අකුරක්ද, අකුරු දෙකක්ද?
යුනිකේත වලදි "කා" අකුරු දෙකක් වගේනෙ!
"කො" කියන එක එහෙම Unicode වල අකුරු දෙකක් වගේ, DL,FM non-unicode ඒවගෙදි අකුරු තුනක් වගේ!
ක්+ආ = කා
මේක යුනිකේත වලට නම් අකුරු දෙකක්, ඒත් අපේ භාෂාවෙ හැටියට අකුරු දෙක එකතු වෙලා හැදෙන්නෙ තනි අකුරක්ද? නැත්නම් අකුරු දෙකක් "කා" යන්නෙ තියනවද?
යුනිකේත වල පිල්ලම් වල අකාරාදී අවුල එන්නෙ ඕක අකුරු දෙකක් ලෙස තියෙද්දි නෙ.
අකුරු එක් වෙලා තනි අකුරු හැදෙනවනම් list කරද්දි කොම්බු අවුල් නැති වෙයි, හෝඩිය වගේ එක ලොකු වෙලා වෙනත් අපහසුතා ඇති වෙන්න බැරි නෑ...

"කා" යන්නෙදි වගේ නෙමෙයි "කෙ" යන්නෙදි....
ක්+එ එකෙන් හැදුනට "කෙ" එකේ කොම්බුව ලියන්නෙ කලින් නෙ!
සංකීර්ණ භාෂා!
මේකට විසදුම airtel එකට මාරුවෙන එක නෙමෙයි නෙ :p


මේ වගේ යම් යම් දේවල් හදාගන්න Tamil, Telugu, Hindi, Thai, Cantonese, Japanese ..... ඒ වගේ වෙනත් සංකීර්ණ අකුරු තියන භාෂා වලින් යමක් කමක් ඉගෙන ගන්න බැරිද?
Computers හා Keyboard සදහා අඩිතාලම වැටිල තියන්නෙ English නිසා ඒක අපිට ඕනෙ විදිහට හදාගද්දි අවුල් එනව නෙ :)
Roman, Cyrillic වගේ යුරෝපීය අකුරු වල මේ වගේ ගැටළු නැති ත‍රම් නෙ!

New Era!... නව යුගය :)


>>
In a World without Fences and Walls, Who need GATES and WINDOWS ??
<<

Of course, totally Agree....
Computers are for the New Age, Post Modern Age, Computer Age....
Not for the Stone Age or Cave Age.... :)



Windows අවශ්‍ය වෙන්නෙ පරිගණක වෙගේම ගේට්ටු, බිත්ති නොතිබ්බ (ඒ කියන්නෙ ගෙවල් දොරවල් කොහොමත් නැති) ආදිවාසීන්ට නෙමෙයි!
Gates නම් ඉතින් කාටත් එච්චර වැඩක් නෑ තමයි.... ;)


මොනව උනත් ඒ කියමන නම් මරු :)
කාගෙ නිර්මාණයක්ද ඕක?
එකඟ නොවුනත් අගය කරන්න එපැයි


අනිත් කාරණය තමයි මේ පරිගණක මරු උනාට, ගල් යුගය මේ යුගයට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ!

2010-01-06

සිංහල, தமிழ், English 3-in-1 බ්ලොග්!

සිංහල, தமிழ், English හැම එකෙන්ම එකම බ්ලොග් එකේ ලියන අයට,
මම හිතන්නෙ ක්‍රම කීපයක් තියනව භාෂාව අනුව ලිපි වෙන්කරගෙන Feed හදාගන්න පුළුවන්.
කරන්න ලේසිම එකක් තමයි මේ...

මෙක ක‍රන්න "Sinhala" කියන Label (or Tag) එක හැම සිංහල යුනිකේත ලිපියෙම දාන්න ඕනෙ. තමන්ට කැමති ටැග් එකක් Sinhala වෙනුවට යොදාගන්න... [ SU,Sinhala,Syndi,යුනිකේත,සිංහල,සින්ඩි.... :]


Blogspot blog එකක් නම්
http://xxxx.blogspot.com/feeds/posts/default/-/Sinhala

http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල


Wordpress.com එකක් නම්
http://xxxx.wordpress.com/feed/?tag=Sinhala


මේ විදිහ Built-In නිසා හැම එකකම වගෙ වැඩ!


Help
http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97933
http://codex.wordpress.org/WordPress_Feeds
.

2009-07-18

Heta Aluth Aluyamak - KaSun KalHara


The Romantic Opera Album - Kasun Kalhara


- Lyrics: Chaaminda Rathnasuriya
- Melody: Romain Mendis
- Vocals: Kasun Kalhara Jayawardhana


Watch in High Quality (HQ)
http://www.youtube.com/watch?v=ntcMV_o66xM&fmt=18

Watch in HD (High Definition, Best Quality)
http://www.youtube.com/watch?v=ntcMV_o66xM&fmt=22

Watch with English Subs/
Meaning
http://www.youtube.com/watch?v=B77vZlpV3s0&fmt=18


-
Akshay Kumar, Aishwarya Rai, Khakee, RajKumar Santoshi
-

චාමින්ද රත්නසූරිය,
රොමේන් මෙන්ඩිස්,
කසුන් කල්හාර ජයවර්ධන,

ශ්‍රී ලංකා‌ව, සිංහල, Sri Lanka, Sinhala, සිංහල, විහිළු, හාස්‍ය, සිනහ, ගීත, සංගීතය

2009-01-18

Hindi songs by English singers



Hindi, English - AA - Mega Mix

Smaller Screen Size version
Myx, Mux, ReMix

Watch big in High Quality
http://www.youtube.com/watch?v=j5G3v6NslKM&fmt=18

Edited by Anonymous / someone called AA, M, AAM !!!

Ricky Martin, Jeniffer Lopez, Celine Dion,... +
Hrithik Roshan, Amisha Patel, Shah Ruck Khan, Sushmita Sen, Karishma Kapoor, Kareena Kapoor, Shilpa Shetty, Suniel Shetti, Akshay Kumar... +

Western singers singing Hindi songs

Eng, Sin, Hindi, Latin, English, Sinhala, Sri Lanka
-
ශ්‍රී ලංකා‌ව, සිංහල, ගීත සිංදු සින්දු සංගීතය
-

2008-12-24

Polawa Palagena, Ahasa Wasagena

Yalpanamata

Polowa Palaagena, Ahasa Wasaagena, maa Osawaagena yana Sulange

Dil Se

SRK, Maneesha

Iraj +++
Wasantha DukGannaRala

Sinhala
Sri Lanka

Hindi, India


සිංහල - ශ්‍රී ලංකාව

-

පොළොව පලාගෙන
අහස වසාගෙන
මා ඔසවාගෙන යන සුළෙඟ්
යාල් පානමට නුදුරේ
අලිමංකඩ ළඟ වැලි සුළෙඟ්
තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ
මට කියන්න වැරැද්ද මොකක්ද මිතුරේ

රචනය - වසන්ත දුග්ගන්නාරාළ

ශ්‍රී ලංකා‌ව, සිංහල
ගීත සිංදු සින්දු සංගීතය

-