Showing posts with label Tech. Show all posts
Showing posts with label Tech. Show all posts

2010-01-16

Just Listen, කිලෝ බයිට් 10යි

:)

පොඩ්ඩක් අහල බලන්නකො. කිලෝ බයිට් 10 ක් විත‍රයි.....
just Listen, just 10kb



Copy Paste URL


http://translate.google.com/translate_tts?q=Akila%20DJ%20kiyana%20ekaa%20siraama%20dial%20ekakh!&tl=en





අපි ගැන ගුණ වනන්නෙ එසේ මෙසේ කොම්පැනි නෙමෙයි!
Even the Best knows Our Greatness :p

:D

2010-01-14

ඉංග්‍රිසි ක්‍රමවිධි සිංහල හමුවේ අවුල් ඇති කිරීම!

type කරද්දි කොම්බුව මුලින් ටයිප් කළාම හ‍රි විදිහට input method තියනව. අවුලක් නෑ!

දැනට කොම්බුව තියෙන්නෙ යුනිකේත වල අකුරට පස්සෙන් නිසා list කරද්දි අවුලක් නෑ.
කොම්බුව list එකේ මුලින් දානව නම් පිළිවෙල බලද්දි ගැටළු එනවලු!
අකාරාදී පිළිවෙලට sort ක‍රද්දි ගතකුරු (ව්‍යඤ්ජන) මුලින් අරගෙන, ඒ ඒ ගතකුර යටතේ අනු ප්‍රවර්ගයයක් ලෙස පණකුරට (ස්ව‍රයට) අදාළ ඇල පිලි, පා පිලි ලයිස්තුගත කරන එක අමාරුද දන්නෙ නෑ?
කොම්බුව list එකේ මුලින් දානව නම් එහෙම කරන්න වෙයි වගේ නෙ!
මුලින් බලනව 'ක','ග','ට'... වගේ ඒව. 'ා','ැ','ො','ෙ'... ඒව අතහ‍රිනව.
පස්සෙ 'ා' 'ැ' 'ො' 'ෙ' බලන්න වෙනව. අදාළ අකුරට පස්සෙන් තියන 'ා' 'ැ' බලද්දි ඒකට ඉස්ස‍රහින් තියන 'ෙ' බලන්න වෙනව.
වැඩේ සංකීර්ණ වෙනව...

ඇත්තටම සිංහල භාෂාවට අනුව "කා" කියන්නෙ එක අකුරක්ද, අකුරු දෙකක්ද?
යුනිකේත වලදි "කා" අකුරු දෙකක් වගේනෙ!
"කො" කියන එක එහෙම Unicode වල අකුරු දෙකක් වගේ, DL,FM non-unicode ඒවගෙදි අකුරු තුනක් වගේ!
ක්+ආ = කා
මේක යුනිකේත වලට නම් අකුරු දෙකක්, ඒත් අපේ භාෂාවෙ හැටියට අකුරු දෙක එකතු වෙලා හැදෙන්නෙ තනි අකුරක්ද? නැත්නම් අකුරු දෙකක් "කා" යන්නෙ තියනවද?
යුනිකේත වල පිල්ලම් වල අකාරාදී අවුල එන්නෙ ඕක අකුරු දෙකක් ලෙස තියෙද්දි නෙ.
අකුරු එක් වෙලා තනි අකුරු හැදෙනවනම් list කරද්දි කොම්බු අවුල් නැති වෙයි, හෝඩිය වගේ එක ලොකු වෙලා වෙනත් අපහසුතා ඇති වෙන්න බැරි නෑ...

"කා" යන්නෙදි වගේ නෙමෙයි "කෙ" යන්නෙදි....
ක්+එ එකෙන් හැදුනට "කෙ" එකේ කොම්බුව ලියන්නෙ කලින් නෙ!
සංකීර්ණ භාෂා!
මේකට විසදුම airtel එකට මාරුවෙන එක නෙමෙයි නෙ :p


මේ වගේ යම් යම් දේවල් හදාගන්න Tamil, Telugu, Hindi, Thai, Cantonese, Japanese ..... ඒ වගේ වෙනත් සංකීර්ණ අකුරු තියන භාෂා වලින් යමක් කමක් ඉගෙන ගන්න බැරිද?
Computers හා Keyboard සදහා අඩිතාලම වැටිල තියන්නෙ English නිසා ඒක අපිට ඕනෙ විදිහට හදාගද්දි අවුල් එනව නෙ :)
Roman, Cyrillic වගේ යුරෝපීය අකුරු වල මේ වගේ ගැටළු නැති ත‍රම් නෙ!

New Era!... නව යුගය :)


>>
In a World without Fences and Walls, Who need GATES and WINDOWS ??
<<

Of course, totally Agree....
Computers are for the New Age, Post Modern Age, Computer Age....
Not for the Stone Age or Cave Age.... :)



Windows අවශ්‍ය වෙන්නෙ පරිගණක වෙගේම ගේට්ටු, බිත්ති නොතිබ්බ (ඒ කියන්නෙ ගෙවල් දොරවල් කොහොමත් නැති) ආදිවාසීන්ට නෙමෙයි!
Gates නම් ඉතින් කාටත් එච්චර වැඩක් නෑ තමයි.... ;)


මොනව උනත් ඒ කියමන නම් මරු :)
කාගෙ නිර්මාණයක්ද ඕක?
එකඟ නොවුනත් අගය කරන්න එපැයි


අනිත් කාරණය තමයි මේ පරිගණක මරු උනාට, ගල් යුගය මේ යුගයට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ!

2010-01-06

සිංහල, தமிழ், English 3-in-1 බ්ලොග්!

සිංහල, தமிழ், English හැම එකෙන්ම එකම බ්ලොග් එකේ ලියන අයට,
මම හිතන්නෙ ක්‍රම කීපයක් තියනව භාෂාව අනුව ලිපි වෙන්කරගෙන Feed හදාගන්න පුළුවන්.
කරන්න ලේසිම එකක් තමයි මේ...

මෙක ක‍රන්න "Sinhala" කියන Label (or Tag) එක හැම සිංහල යුනිකේත ලිපියෙම දාන්න ඕනෙ. තමන්ට කැමති ටැග් එකක් Sinhala වෙනුවට යොදාගන්න... [ SU,Sinhala,Syndi,යුනිකේත,සිංහල,සින්ඩි.... :]


Blogspot blog එකක් නම්
http://xxxx.blogspot.com/feeds/posts/default/-/Sinhala

http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල


Wordpress.com එකක් නම්
http://xxxx.wordpress.com/feed/?tag=Sinhala


මේ විදිහ Built-In නිසා හැම එකකම වගෙ වැඩ!


Help
http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97933
http://codex.wordpress.org/WordPress_Feeds
.

2010-01-03

Tech Comments :)

Gmail විත‍රක් නෙමෙයි, Yahoo ත් POP3, SMTP නිකන් දෙනව!!!
මම පාවිච්චි ක‍ලා. වැඩ.
Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]
.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව...
(.it, co.uk, co.au, co.in ....)

___


Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ :)
අවශ්‍ය ක‍රන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)
සමහ‍ර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ

___


වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොක‍රන ත‍රමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
VLC වලට navigate ක‍රද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load ක‍රන්නෙ නෑ නෙ!
seek ක‍රද්දි අවුල් යනව. LivAVCodec එක නිසා Xvid වලට එහේම ෂේප් උනත් x264 අවුල්. MKV,MP4 වලට සිරාම සිරා Haali Splitter එක splitter එකක් විදිහට වැඩ ක‍රන්නෙත් නෑ නෙ ඕකෙදි.
VLC මම පාවිච්චි ක‍රපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
Direct VobSub නං හැම subtitle එකටම මරු :)

___


Real Audio Metafile == *.RAM
Real Audio == *.RA

බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ)
(infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)


___



1. වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)

2. Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,
Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]


___


Notepad එකට Font එක අදාළ නෑ. Plain text .txt file වලට Font Face එකක් නෑ. Encoding එක විත‍රයි තියෙන්නෙ.

Notepad එකේ ANSI, UTF-8, Unicode, Unicode big endian වගේ encoding වලින් text file save කරන්න පුලුවන්.

Internet document, HTML වල එහෙම ගොඩක් බහුලව තියෙන්නෙ UTF-8, Western (iso-8859-1), Western (Windows-1252) වගේ encoding.

ISO-8859-1 කියන එක ANSI එකම තමටි මම හිතන්නෙ.
(ANSI – American National Standards Institute)

UTF-8 කියන encoding එක කෝකටත් හොඳයි.
ANSI, UTF-8 දෙකම සාමාන්‍යයෙන් ගන්නෙ එකම ඉඩ ප්‍රමාණයක්. Unicode (UTF-16, UTF-32) ඒව රීට වඩා වැඩි ඉඩ ප්‍රමාණ ගන්නව.
සිංහල UTF-8 ලියවිල්ලක් Unicode කළොත් size එක දෙගුණ වෙනව.
සිංහල ඇති හා නැති/English Only .txt (අකුරු ගොඩක් තියන) ෆයිල් දෙකක් notepad එක මගින් ANSI, UTF-8, Unicode ආදී encoding 3න් save කරල එක එකේ Size හා අකුරු තියන හැටි බලා ගන්න පුළුවන්…

Madhura Sinhala font එක ආවෙ නම් Unicode එකක් විදිහට නෙමෙයි. ඒකෙ අලුත් Unicode version එකක් ඇවිල්ලද/ඉදිරියට එයි ද දන්නෙ නෑ…


___




මගේ Windows XP වල නම් run32.dll කියල එකක් නෑ. run32 කියල කිසිම file එකක් නෑ Windows Drive එකේ!
Windows 95 වල නම් ඒක 16 bit නිසා 32 bit ඒව run කරන්න ඒ වගේ එකක් ඇති. ඒතනින් එහා 32bit support ඒවට එහෙම dll එකක් ඕනෙ නෑ නෙ.
http://www.processlibrary.com/directory/files/run32/20159

rundll32.exe කියල එකක් නම් XP වල තිබේ. මේක exe ඒකක්. dll නෙමෙයි. මම හිතන්නෙ DLL වලට තනියම execute වෙන්න බැරි නිසා 32bit dll මේ EXE එක ආධාරයෙන් තමයි run වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක infect වෙනවට වඩා වෙන්නෙ මේක ආධාරයෙන් DLL virus run වීමයි.

nVidia VGA driver load වෙද්දි
(rundll32.exe nv4_disp.dll) වගේ එකක් startup එකේ තියනව. මේ dll එක virus නෙමෙයි. VGA driver එක.
අර hard එකේ file Delete කරන Virus එකක් තිබ්බ, ඒකත් dll එකක්. ඒකෙදි startup එකේ මෙහෙම තියනව.
(rundll32.exe dotnetfx.dll,repair)

‘සාමාන්‍යයෙන්’ Task Manager එකේ rundll32.exe එක run වෙන්නෙ නෑ… ‘බොහෝවිට’ ….
මේකත් run එකේ ව‍රහන් නැතුව, ගහල බලන්න, Virus නෙමෙයි!
(rundll32.exe user32.dll, LockWorkStation)