Showing posts with label Free. Show all posts
Showing posts with label Free. Show all posts

2010-11-22

වින්‍ රා සහ කොටස් කැඩීම. (WinRar, Split, Compression, Recovery)


Files කොටස් වලට කඩල Upload කරන අයට මේක සමහරවිට වැදගත් වෙන්න පුලුවන්!

ගොඩක් අය මේකට HJSplit එක පාවිච්චි කරනව. තවත් අය FFSJ (Fastest File Splitter and Joiner) යොදාගන්නව. තවත් අය FreeArc, 7-zip, PeaZip, WinRar වගේ archive managers පාවිච්චි කරනව. 

පහත list එකෙන් WinRar හැර අනෙක් ඔක්කොම Free  :)

HJSplit ---- http://www.freebyte.com/hjsplit/
hjJoin ----- http://www.mediafire.com/?3jdv8543ossf3rz
FFSJ ------- http://www.jaist.ac.jp/~hoangle/filesj/
FreeArc ---- http://freearc.org/
7-Zip ------ http://www.7-zip.org/

PeaZip ----- http://peazip.org/
Winrar ----- http://www.rarlab.com



ගොඩාක් බහුලව භාවිතා වන HJSplit එකේ තියන වැදගත්ම ප්‍රයෝජනේ තමයි movie එකක නම් මුල්ම කොටස play කරල බලල ඉතිරි ටික බානවද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් වීම. ඇත‍්තටම ඒ වාසිය තියෙන්නෙ ඒක advanced නොවන ගොඩක් simple එකක් නිසා කියල කියන්නත් පුලුවන්.
හැබැයි hjsplit එක තනි movie file එකක් වගේ එකක් කඩන්න සුදුසු උනාට, movie එක එක්ක වෙනම subtitle, posters, nfo වගේ තවත් file තියනව නම් එච්චරම ගැලපෙන්නෙ නැතුව යනව. ඒ වගේම file ගොඩක් තියන software වලටත් මේක ගැලපෙන්නෙ නෑ. සමහරු ඒව zip හෝ rar කරල, ඒක HJSplit එකෙන් කඩනව. අනවශ්‍ය වැඩක්. තවත් සමහරු ඒක multi-volume RAR එකක් විදිහට කොටස් වලට කඩල ගහනව, නොගැලපෙන settings දාල. movie එකක් නම් පොඩ්ඩක් data miss උනාට, ටිකක් corrupt උනාට play කරල බලද්දි එච්චරම අවුලක් නෑ. ඒක hjsplit කොටස් වශයෙන් තිබ්බත් ඒ corrupt උනාම ඇති වෙන අවුල අවමයි. ඒත් rar ඒව corrupt උනොත් වඩේ ටිකක් දෙල් වෙනව! ඒ වගේම video, audio වලටම අදාල compression method වලින් එක පාරක් comress කරපු movie එකක් winrar එකෙන් compress කළාම වෙන්නෙ කාලය ගත වන එක වැඩි වීමත්, බැරි වෙලා හරි download කරද්දි corrupt වුනොත් අවුල් ඇති වෙන්න තියන ඉඩ වැඩි වෙන එකත් විතරයි. අන්න ඒ වගේ අවුල් පහත ක්‍රම වලින් අවම කරගන්න පුලුවන් වෙයි.

ScreenShots




Split
ඊට පස්සෙ එන window එකෙන්. "Split to volumes, bytes" setting එකෙන් කඩන්න ඕනෙ එක කොටසක size එක දෙන්න byte වලින්. (රූපෙ විදිහට 100000000ක් දුන්නොත් 95 megabyte කෑලි වලට කැඩෙනව.)


Compression Method
Movies compress කරල වැඩක් නැති නිසා
"Compression Method" එක "Store" දෙන්න movies වලදි. Store කළාම Speed එක වැඩි වෙනව විතරක් නෙමෙයි, file corrupt උනොත් වෙන හානියත් අඩු වෙනව.(size එක අඩු වෙන්නෙ නෑ, වැඩිපුර වෙලාව ගන්නව විතරයි. හැබැයි uncompressed video, wave audio, bmp නම් compress වෙලා size එක ගොඩක් අඩු වෙනව. ඒත් Xvid,DivX,x264, MP3,AAC, JPG,GIF වගේ compress වෙච්ච් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ. ඒව උනත් files 1000ක් වගේ නම් compress කළාම size එක අඩු කරගන්න පුලුවන් තියනව නම් වෙයි. කීපයකට වැඩක් නෑ)Games, Software නම් Compress කළාට කමක් නෑ. සමහර විට size එක අඩු වෙයි. compress කරපු exe වගේ ඒව නම් තියෙන්නෙ සමහර විට වෙනස නොතේරෙන තරම් වෙයි. Games, Software වලදි store හැර වෙනත් compression method එකක් තෝරගන්න. (Best, Normal. etc...)
පොඩි පොඩි files ගොඩාක් තියනව නම් size එක පොඩි කරගන්න පුලුවන් "Create Solid archive" එක check කරල. ඒත් ඒක නොදාන තරමට හොඳයි.
හේතුව සමාන්‍ය විදිහට යම් කොටසක් corrupt උනොත් ඒක බලපාන්නෙ එතනට අදාළ file එකට විතරයි. ඒත් Solid Archive එකක් ඒක ඔක්කොටම බලපානව. එක තැනක් කේස් ගියොත් ඔක්කොගෙන්ම වැඩක් නැති වෙන්න පුලුවන්!


Recovery Record
අවශ්‍යම නෑ. ඒත් දාන එක හොඳයි. ඒක නිසා දාන්න. files පොඩ්ඩක් විතර corrupt උනත් Recovery Record ඒක නිසා ගොඩදාගන්න පුලුවන්.
Movie එකක් නම් recovery record Percentage එක 1% හෝ 2% ක් විතර දාන්න.
Software හෝ Game එකක් නම් 3% හෝ 4% විතර දාන්න.
Recovery Volumes
කියන්නෙ වෙනම එකක්. එක archive එකක 1 recovery volume එකක් තිබ්බොත් ඒකෙ කොටස් වලින් එකක් අඩු උනාට අවුලක් නෑ. recovery volume 3ක් තිබ්බොත් කොටස් 3k අඩු උනාට අවුලක් නෑ.... ඒ කියන්නෙ කොටස් 100ක් තියන එකක recovery volume 5ක් තියනව නම් අපිට හරියට etract කරගන්න ඕනෙ වෙන්නෙ කොටස් 95යි. (recovery volume ටිකත් ඕනෙ). එක අතකින් වාසියක් නැති බව්ව පෙනුනත්. file corrupt වෙද්දි තමයි වාසිය තේරෙන්නෙ. මෙතනදි file 5ක් දක්වා corrupt වුනත් කමක් නෑ. අවුලක් ඇති වෙන්නෙ නෑ.

Password
අවශ්‍යම නම් Extract Password එකක් දාන්න.
පුද්ගලිකයි රහසිගතයි නෙමෙයි නම් නොදාන තරමට හොඳයි!... :p

-
තවත් Options, Settings ගොඩාක් තියනව. ඒවත් අත්හදා බලන්න :) 


ප.ලි.

මෙතන තියන ඒවගෙන් Free and Open Source එකක් වන PeaZip එකෙන් ගොඩක් වෙනත් වැඩත් කරගන්න පුලුවන්. 

(Secure Delete (Shred), Easy 1 click Command Line, 
Extract 150+ Archive types. Add to 15+ Archive Types)

:)

2010-10-26

Free and Open Source Movies - FOSM - (නිදහස් චිත්‍රපට :)


Free and Open Source Movies (FOSM) නෑ කියල හිතාගෙන මම ඉස්සර post එකක් ලිවුව.
http://akiladj.blogspot.com/2009/11/films-free-and-open-source-movies.html
ඒත් ඒ වගේ ඒව තියනව :)
මට දැනගන්න ලැබුනෙ ළඟදි.

ඒ වගේ movies තුනක් හම්බ උනා. ඊට වඩා ඇති.
මුල්ම එක Elephants Dream (2006). ඊලඟ එක Big Buck Bunny (2008). අලුත්ම එක Sintel (2010).

මේ තුනම හදල තියෙන්නෙ FOSS එකක් වන Blender එකෙන්.
http://www.blender.org


ඒ වගේම අපිට චිත්‍රපටිය විතරක් නෙමෙයි, ඒකට අදාළ audio tracks, original png images, production files, studio backup වගේ ඒවත් අපිට නොමිලේ download කරන්න දෙනව යම්කිසි license එකක් යටතේ.
(Creative Commons වගේ)



---


Sintel (2010)

http://www.sintel.org

Download
http://www.sintel.org/wp-content/content/download.html
(කැමති media format එකක් resolution එකක්, size එකක් තෝරගන්න පුලුවන්)

එහෙමත් නැත්නම් මෙතනින් බා ගන්න.
http://www.mediafire.com/?wr3cd2xw241
(75mb, MKV, x264, AAC, Eng Sub, 720p HD, 1280x544)


-


Big Buck Bunny (2008)
http://www.bigbuckbunny.org

Download
http://www.bigbuckbunny.org/index.php/download/

or (99mb)
http://www.mediafire.com/?jdty1dtsbxd

torrent
http://www.google.lk/search?q=c39fe3eefbdb62da9c27eb6398ff4a7d2e26e7ab


-


Elephants Dream (2006)

http://www.elephantsdream.org

Download
http://orange.blender.org/download
http://www.archive.org/details/ElephantsDream



---



Free and Open Source (FOS) ලෝකයට,
ජය වේවා!
:)

2009-11-18

Films - Free and Open Source Movies :)

There are Commercial Software.
And there are Free Software too.
Freeware and FOSS. (Free and Open Source Software)
But there are no Free Movies!.. :(

Movies in TV channels are somehow nearly Free.
Some websites have Online Free to watch Movies. (Legally)

So, there can be Free Movies.
But not FOSS type movies. :) (no FOSM) (or OSM)
If they provide RAW Unedited videos and other Material, there will be :)
Free and Open Source Movies (FOSM)
or Open Source Movies (OSM)
[or FOSF (Free and Open Source Films) ]

:)


the !dea should be fertilized!
in early history, there were no Freeware, But now!...

Shall we build a Community to Spread that idea!
seriously!


:!



---



Commercial Software තිබේ.
ඒ වගම Free Software ද තිබේ.
Freeware and FOSS. (Open Source)
ඒත් Free Movies නෑ නෙ!... :(

Free Movies නැත්තෙමත් නෑ!...
TV වල යන ඒව ආසන්න වශයෙන් Fee නෙ.
(ලංකාවෙ නම් TV වල අයත් හොර කරනව ඇති!)
Sites තිබේ Free Online movies පෙන්නන. (නීත්‍යනුකූලව)

Free විදියහට Movies තිබ්බත් FOSS නම් නෑ/අදාළ නෑ :D

RAW Unedited Videos ටික Source Code එක වගේ Publish කළා නම් ගොඩ :)
එහෙනම් අනාගතෙදි FOSS type movies එයි!
Free and Open Source Movies (FOSM)
හෝ Open Source Movies (OSM)
හෝ Free and Open Source Films (FOSF)


වපුරන්න මරු idea එක!
ඉස්ස‍රම කාලෙ Freeware තිබ්බෙත් නෑ නෙ. දැන් වැහි වැහැල!...
Community එකක් හදමුද?
සිරාවටම!


:!